Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කනිෂ්ඨ දැල්පන්දු වසර තුනකට පසු

කනිෂ්ඨ දැල්පන්දු වසර තුනකට පසු

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර තුනකට පසුව ජාතික කනිෂ්ඨ (වයස 21 න් පහළ) දැල්පන්දු තරගාවලිය මෙම 31 සහ පෙබරවාරි මස 1 වැනිදා ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පිටියේදී පැවැත්වේ.

ඒ සදහා කණ්ඩායම් 20 ක් ඊයේ වන විට සහභාගිත්වය සනාථ කර තිබූ බව දැල්පන්දු අතුරු කමිටුව පවසයි. මෙවර තරගාවලියේ දක්‍ෂතා හෙබි ක‍්‍රීඩිකාවන් හ`දුනා ගැනීමේ වැඩසටහනක් දියත් කරන අතර ඔවුන් අවශ්‍යතාව පරිදි පළාත් මට්ටමින් සංචිත ගත කිරීමේ ව්‍යාපෘතියක් මගින් දියත් කෙරෙන බවත් දැල්පන්දු අතුරු කමිටුවේ සභාපතිනී ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවසුවාය.

තරගාවලියේ අවසන් මහ තරගය පෙරවාරි 01 වැනිදා පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය පසුගිය වසරේදී යාපනයේදී පැවැත්වීමට ගත් උත්සහය විවිධ හේතූන් මත අත්හිටුවීමට සිදුවූ බව දැල්පන්දු අතුරු කමිටුව වැඩි දුරටත් පවසයි.


අදහස් (0)

කනිෂ්ඨ දැල්පන්දු වසර තුනකට පසු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.