Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්ද උඩරට රන් - නිල් සටන 30 - 31 පල්ලෙකැලේදී

කන්ද උඩරට රන් - නිල් සටන 30 - 31 පල්ලෙකැලේදී

editorial - 2025 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කන්ද උඩරට ප්‍රධානතම විදුහල් දෙකක්  වන නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන  “රන් -  නිල් මහ සටන මේ මස 30 හා 31 යනදිනවලදී පල්ලේකැලේ ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

විසිවැනි වරටත්පැවැත්වෙන මෙවර රන් - නිල් මහා සටනේදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම් නායකත්වය ඉෂාර ඒකනායක විසින් දරනු ලබයි. ඔහුගේ උප නායකයා ලෙසින් මනුල පොල්කොටුව කටයුතු කරයි.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙසින් සහන් ගුණතිලක කටයුතු කරන අතර උප නායකත්වය චාමික එදිරිසිංහට හිමිවී තිබේ.

මේ දක්වා මෙම පාසල් දෙක අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගවලදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තරග 6 ක් ජයග්‍රහණය කර ඇති අතර වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය තරග 4 ක් ජයගෙන තිබේ. තරග 9 ක් ජයපැරදුමෙන් තොරව අවසන්වී ඇත. 2024 දී පැවති තරගය ජයගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත් විය.

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස අයි. ඒ. ජී. එල්. මාරසිංහ මහත්මිය කටයුතු කරයි. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස ආර්.බි.ඩබ්ලිව්.ඒ.එම්.එච්.රජගුරු මහත්මිය කටයුතු කරයි.

 

වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම .
පළමුපෙළ (වමේ සිට)
චාමික එදිරිසිංහ (උප නායක), සංජීව සීලරත්න (පුහුණුකරු), ඉසුරු සමරක්කොඩි (ක්‍රිඩාපරිපාලක), අයි. ඒ. ජී. එල්. මාරසිංහ (විදුහල්පතිනිය), ස්වර්ණ පාලිත (ක්‍රීඩාභාර ආචාර්ය), සහන් ගුණතිලක (නායක),

දෙවන පෙළ (වමේ සිට)
බිම්සර රණතුංග, හේෂාන් රාජපක්ෂ, වෙනුර හාරිස්පත්තුව, නෙමික ජයවර්ධන, කවිෂ ධර්මසිරි, යසස් කරුණාරත්න, පසිඳු මනතුංග, සසිඳු හිමාශ, රවිෂ රූපසිංහ, දුල්සර සීලරත්න සහ අංජනබණ්ඩාර.

තෙවන පෙළ (වමේ සිට)
දිනෙත් විජේදාස, දිසිඳු ආරියවංශ, රවිඳු සිරිමාන්න, සදුෂ ඉඳුවර, රවිඳු රාජපක්ෂ, කවීෂ නෙත්මිණ, මලිදු පවන්, තිමිර සදමින, මොහොමඩ් යුනිස්, මනුජ රශ්මිකර සහ දිනෙත් බණ්ඩාර.

 


නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය කණ්ඩායම
පළමු පෙළ (වමේ සිට)
මනුල පොල්කොටුව (උපනායක), ආර්. ජේ. විලත්ගමුව (පුහුණුකරු), ආර්. බී. ඩබ්. ඒ. එම්. එච්. රාජගුරු(විදුහල්පතිනිය), මහේෂ් නිලංක (ක්‍රීඩා පරිපාලක), ඉෂාර ඒකනායක (නායක)

දෙවන පෙළ (වමේ සිට)
අවන්ත රසංජන, ලක්ෂාන් වත්සල, තේමිය සන්සිත, ඔසඳ වෙළගෙදර, නෙතික ගුණතිලක, සංගීත් බණ්ඩාරනායක  සහ අශ්මික ජයවංශ.

තෙවන පෙළ (වමේ සිට)
සදීප කව්ෂල්, ජනුදු ශෙහාරා, සනිත තරින්, රශ්මික යසින්ද, කවීෂ කුමාරසිරි, ලක්ෂාන්ත පෙරේරා, නිම්සර හේෂාන්, හර්ෂණ විජේකෝන්, තීක්ෂණ නවෝද්, එච්. එම්. හේරත් මැණික්හින්න


අදහස් (0)

කන්ද උඩරට රන් - නිල් සටන 30 - 31 පල්ලෙකැලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.