Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 3 ක් හයිද්‍රාබාද්හි තරග සංචාරයක

කණ්ඩායම් 3 ක් හයිද්‍රාබාද්හි තරග සංචාරයක

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් පාසලක් වන සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසලේ ක‍්‍රිකට් කණ්ඩායම් තුනක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි තරග සංචාරයක් සදහා හෙට (21) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. මෙම තරග සංචාරය සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසලේ 20 වැනි විදේශ සංචාරය වේ. මෙම සංචාරයට වයස 12 න් පහළ, 13 න් පහළ සහ 15 න් පහළ යන වයස් කාණ්ඩවලින් කණ්ඩායම් තුනක් සහභාගි වෙයි.

දින නවයක මෙම සංචාරයේදී කණ්ඩායමක් තරග නවකට සහභාගි වන බව සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසල පවසයි.

මෙහිදී වයස 12 න් පහළ පිලේ නායකයා ලෙස ලිනාල් සුබසිංහ ද, වයස 13 න් පහළ පිලේ නායකයා ලෙස හිරාන් ජයසුන්දර ද, වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස මොවින් සුබසිංහ ද, කටයුතු කරති. මෙම සංචාරයට සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසලේ ප‍්‍රධාන උපදේශක ප‍්‍රවීණ ක‍්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා ද සහභාගි වෙයි.

 

12 න් පහළ කණ්ඩායම

 

13 න් පහළ කණ්ඩායම

 

15 න් පහළ කණ්ඩායම

 

- 048

 


අදහස් (0)

කණ්ඩායම් 3 ක් හයිද්‍රාබාද්හි තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.