Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ටේ‍්‍රලියා යොවුන් පිල පළමු ජය ලබයි

ඕස්ටේ‍්‍රලියා යොවුන් පිල පළමු ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති පස්වැනි යොවුන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ශී‍්‍ර ලංකා පිල පරදවා ලකුණු 105 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියා පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 43.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143 ක් පමණි.  

ශී‍්‍ර ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට පැතුම් මධුසංක (20) සහ කවීන් බණ්ඩාර (15) සමත් වූහ.

කෙසේ වුවත් ඉන් පසුව පිටියට පිවිසි පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාම ශී‍්‍ර ලංකා පිලට අවාසිදායක විය.

ඕවර 8.3 ක් යවමින් ලකුණු 23 කට කඩුලූ 5 ක් දවාගත් සෑම් ගි‍්‍රම්වේඞ්,  ඕස්ටේ‍්‍රලියා පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියා පිල  ඕවර 49.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 248 ක් ලබාගත්තේය.

ඕස්ටේ‍්‍රලියා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ලියෑම් බැන්තොර්ප් පන්දු 78 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 61 ක් රැස්කළේය.

කයිල් ස්ක‍්‍රිමෙගර් (41) සමග එක්ව  ඕස්ටේ‍්‍රලියා පිලේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යව ඉහළ දැමීමටද ලියෑම් බැන්තොර්ප් සමත්විය.

තම මංගල යොවුන් එක්දින ජත්‍යන්තර තරගයට සහභාගී වූ අරවින්ද අකුරුගොඩ ලකුණු 42 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල -  ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 248
(මැතිව් රේන්ශෝ 17, ලියෑම් බැන්තොර්ප් 61, සෑම් හාපර් 27, කයිල් ස්ක‍්‍රිමෙගර් 41, ජොන්ටි පැටිසන් 43, ජෝයි රිචඞ්සන් 27, අරවින්ද අකුරුගොඩ 42/4, කේෂාන් විජේරත්න 37/2, චාමික කරුණාරත්න 48/2)

ශ්‍රී ලංකා 19 න් පහළ පිල -  ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 143
(පැතුම් මධුසංක 20, කවීන් බණ්ඩාර 15, චාමික කරුණාරත්න 28, තිරාන් ධනපාල 18, සෑම් ගි‍්‍රම්වේඞ් 23/5, මැතිව් කුනේමන් 23/2)

 

 

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා යොවුන් පිල පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.