Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල අවසන් තරගයට

ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම්  අතර අද (3 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 8 ක තියුණු ජයක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම නියමිත  ඕවර 20 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර කොදෙව් කී‍්‍රඩිකාවන්ට  ඕවර 20 කදී ලබාගත හැකිවූයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 132 ක් පමණි.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පිල ජයටැඹ කරා කැඳවාගෙන යාමට ඩියෙන්ද්‍රා ඩොටින් සහ ස්ටෙසි ඈන් කිං බලවත් උත්සාහයක නිරත වූ නමුත් හතරේ සීමාව ආසන්නයේදීම උඩපන්දුවක් රැකගැනීම නිසා  ඩොටින් ලකුණු 40 කට දැවී යාමෙන් එම උත්සාහන නිශ්ඵල විය.
 
 ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිලේ පස්වැනි කඩුල්ල ලකුණු 92 දී බිඳ වැටුණ නමුත් ඇලිසා හීලි සහ ඇලෙක්ස් බ්ලැක්වෙල් එක්ව පන්දු 28 කදී ලකුණු 48 ක් එක්කරමින් ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම ලකුණු 140 ක් කරා කැඳවාගෙන ගියහ.

 

ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල  ඕවර 20 ක දී කඩුලූ 5 ට 140
(එලිස් විලානි 35, මෙග් ලැනින් 29, ඇලෙක්ස් බ්ලැක්වෙල් නොදැවී 13, ඇලිසා හීලි නොදැවී 30, අනිසා මොහොමඞ් 24/2)

බටහිර ඉන්දීය කොදෙව් -  ඕවර 20 කදී කඩුලූ 4 ට 132 යි
(කේෂියා නයිට් 21, ස්ටෙෆනි ටේලර් 24, ඩියෙන්ද්‍රා ඩොටින් 40, ස්ටෙසි ඈන් කිං නොදැවී 36)

 


අදහස් (1)

ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.