Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාව පහළට

ඕස්ට්‍රේලියාව පහළට

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට සමත්වුවද ප්‍රසාද ලකුණු 3 ක් අහිමිවූ ඕස්ට්‍රේලියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී ස්ථානයක් පහත වැටෙමින් පස්වැනි ස්ථානයට පත්විය.


තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 100 ක් හිමිකරගෙන ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී සිව්වැනි ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී පහළම සිටින බංග්ලාදේශය හමුවේ පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීම හේතුවෙන් මෙම ඉරණම අත්විය.


ප්‍රසාද ලකුණු 97 ක් ලබාගනිමින් නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාව සම ලකුණු මට්ටමේ සිටියද දශමස්ථානයන්ට අනුව නවසිලන්තයට තෙවැනි ස්ථානයත් ඕස්ට්‍රේලියාවට සිවුවැනි ස්ථානයත් හිමිවිය.


තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 69 ක් හිමිකරගෙන ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී නවවැනි ස්ථානයේ සිටි බංග්ලාදේශය තරගාවලිය සමකර ගත්තද ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු ටෙස්ට් තරගය ජයගත් හෙයින් ප්‍රසාද ලකුණු පහක් හිමිකර ගැනීමට සමත්විය. ප්‍රසාද ලකුණු 74 ක් හිමිකර ගත්තද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී ස්ථානයේ කිසිදු වෙනසක් සිදුනොවිය.


බටහිර ඉන්දීය කොදෙව් පිල ප්‍රසාද ලකුණු 75 ක් හිමිකරගනිමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී අටවැනි ස්ථානයේ පසුවන්නේය.

 

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු 
1 ඉන්දියාව 125
2 දකුණු අප්‍රිකාව 110
3 එංගලන්තය 105
4 නවසීලන්තය 97
5 ඕස්ට්‍රේලියාව 97
6 පාකිස්තානය 93
7 ශ්‍රී ලංකාව 90
8 බටහිර ඉන්දීය කොදෙව් 75
9 බංග්ලාදේශය 74
10 සිම්බාබ්වේ 0

අදහස් (0)

ඕස්ට්‍රේලියාව පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.