ප්‍රවීණ මලල ක්‍රීඩිකා ශ්‍රීයානි කුලවංශ මහත්මිය අද (15දා) පෙරවරුවේ කොළඹදී පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සමාරම්භක සභාපතිවරිය ලෙස නිතරගයෙන් තේරීපත් වූවාය.
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය යනු 1948 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සංගමයකි.
අදාළ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම කොළඹ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහි සමාරම්භක සභාපතිවරිය ලෙස පත්වූ ශ්‍රියානි කුලවංශ මහත්මිය අවස්ථා 3කදී (1992, 1996 සහ 2000) ඔලිම්පික් ක්‍රීඩා නියෝජනයකර ඇති ප්‍රවීණ ක්‍රිඩිකාවකි.
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ උපසභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මහතාත්, ලේකම්වරිය ලෙස දමයන්ති දර්ශා මහත්මියත්, භාණ්ඩාගාරිකවරයා ලෙස අනුරුද්ධ රත්නායක මහතාත් (බොක්සිං) තේරී පත්වූහ.
සිඩ්නි ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම නව සංගමයේ යාවජීව අනුශාසකවරිය ලෙසද තේරී පත්කෙරිණි.
එහි කමිටු සාමාජිකයන් ලෙස ජුලියන් බෝලින් (පිහිනුම්), මහේෂ් පෙරේරා (මලල ක්‍රීඩා), රුවිනි අබේමාන්න (වෙඩිතැබීම) සහ හරිජන් රත්නායක (මලල ක්‍රීඩා) යන මහත්ම මහත්මීහු පත්වූහ.
අදාල සංගමයේ ව්‍යවස්ථාව අනුව වසර 4කට වරක් නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැණෙනු ඇත. පැරණි ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සහ අනාගතයේදී තවත් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම සඳහා අනාගත පරපුර දිරිමත් කිරීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.