(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
එහිදී ඒස් කැපිටල් කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ (161) සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජනිත් ලියනගේ (136) ශතක ලබාගත් අතර ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් ඉනිම් දෙකේදීම අර්ධ ශතක වාර්තා කිරීමට පවන්ත වීරසිංහ (74 සහ 58) සමත් විය.
එහිදී ඒස් කැපිටල් කණ්ඩායමේ කවිඳු කුලසේකර (54) සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ තරිඳු හර්ෂණද අර්ධ ශතක ලබාගත් අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ ඉනිම් දෙකේදීම කඩුලු 4 බැගින් බිඳහෙළීමට සමත් විය.
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 436
(පවන්ත වීරසිංහ 74, නිමේෂ ගුණසිංහ 161, තීක්ෂණ රණතුංග 36, කවිඳු කුලසේකර 54, රවීන් ද සිල්වා නොදැවී 38, රොෂාන් ජයතිස්ස 24, ජෙෆ්රි වැන්ඩසේ 116/4, දුවිඳු තිලකරත්න 68/2, රවිඳු ප්‍රනාන්දු 82/2)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 357
(කසුන් අබේරත්න 39, රොන් චන්ද්‍රගුප්ත 27, ජනිත් ලියනගේ 136, තරිඳු හර්ෂණ 89, රවිඳු ප්‍රනාන්දු 21, ඉසිත විජේසුන්දර 96/4, වනුජ සහන් 124/3, රොෂාන් ජයතිස්ස 58/2)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 203
(පවන්ත වීරසිංහ 58, රනේෂ් සිල්වා 34, කවිඳු කුලසේකර 42, ඉසිත විජේසුන්දර 20, ජෙෆ්රි වැන්ඩසේ 72/4, රවිඳු ප්‍රනාන්දු 75/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.