(ශානුක අරවින්ද)
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් ක්‍රීඩකයෝ, තරගයේ පළමු දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටියහ.
එහිදී ඉතා ඉවසිමත් පිතිහරඹයක නිරත වූ රනේෂ් සිල්වා හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ක් රැස්කළේය. ලකුණු 138 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී රවීන් ද සිල්වා (49) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද රනේෂ් සමත් විය. රවීන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ හතරේ පහර 5 ක් සමග ලකුණු 51 ක් රැස්කිරීමට සමත් විය.
ඒස් කැපිටල් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 249
(පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, වනුජ සහන් 16, රවීන් ද සිල්වා 49, සුපුන් වඩුගේ නොදැවී 16, ඉනුක කරන්නාගොඩ 57/3, නිෂාන් පීරිස් 58/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.