ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ විය. එස්.එස්.සී. පිල සහ ගාල්ල පිල අතර පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල පිල කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් රැස්කර සිටියේය.
කෙවින් කොට්ටිගොඩ ලකුණු 47 ක් සහ හර්ෂ විතාන ලකුණු 22 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී. පිල සියලුදෙනා දැවී ලකුණු 246 ක් රැස්කිරීමට සමත්විය. සඳුන් වීරක්කොඩි (104) ශතකයක් සහ ආකාෂ් සේනාරත්න (50) අර්ධ ශතකයක් ලබාගනිමින් එස්.එස්.සී පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
පිට දඟපන්දු යවන ක්‍රීඩක රජීව වීරසිංහ කඩුලු 5 ක් සහ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ගයාන් සිරිසෝම කඩුලු 3 ක් දවාගනිමින් එස්.එස්.සී කණ්ඩායම ලකුණු 250 සීමාවේ රඳවා ගැනිමට සමත්වූහ.
හෙට (22) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
එස්.එස්.සී. කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 54 කදී සියලුදෙනා දැවී ලකුණු 246
(සඳුන් වීරක්කොඩි 104, ආකාෂ් සේනාරත්න 50, තරිඳු රත්නායක 28, හිමේෂ් රාමනායක 25, රජීව වීරසිංහ 63/5, ගයාන් සිරිසෝම 46/3)
ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 106
(කෙවින් කොට්ටිගොඩ නොදැවී 47, හර්ෂ විතාන නොදැවී 22, බවන්ත උදන්ගමුව 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.