ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී. පිල අද (22 වැනිදා) සමත්විය.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකරගත් එස්.එස්.සී. පිල තරගයේ දෙවැනි සහ අවසන් දිනයවූ අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 178 ක් රැස්කර සිටියේය.
දිනය නිමාවන විට පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 49 ක් රැස්කර සිටි අතර කවිඳු කුලසේකර ලකුණු 46 ක් සහ ක්‍රිෂාන් සංජුල ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය.
පළමු දිනයවූ ඊයේ තරගය අවසන් කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් රැස්කර සිටි ගාල්ල පිලට අද දින සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 218 ක් පමණි. ඊයේ දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කෙවින් කොත්තිගෙ (62) සහ හර්ෂ විතාන (55) අද සිය අර්ධ ශතක සම්පූර්ණ කිරීමට සමත්වුවද ගාල්ල පිල පළමු ජයග්‍රමණයක් කරා රැගෙන යාමට අපොහොසත්වූහ.
තරිඳු රත්නායක කඩුලු 4 ක් සහ ආකාශ් සේනාරත්න කඩුලු 3 ක් දවාගනිමින් එස්.එස්.සී. පිල අවසන් තරගය කරා රැගෙන යාමට සමත්වූහ.
එස්.එස්.සී. කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 54 කදී සියලුදෙනා දැවී ලකුණු 246
(සඳුන් වීරක්කොඩි 104, ආකාෂ් සේනාරත්න 50, තරිඳු රත්නායක 28, හිමේෂ් රාමනායක 25, රජීව වීරසිංහ 63/5, ගයාන් සිරිසෝම 46/3)
ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(කෙවින් කොත්තිගොඩ 62, හර්ෂ විතාන 55, රජීව වීරසිංහ නොදැවී 29, බවන්ත උදන්ගමුව 21, තරිඳු රත්නායක 77/4, ආකාශ් සේනාරත්න 54/3)
එස්.එස්.සී. කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 44.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 178
(පසිඳු සූරියබණ්ඩාර නොදැවී 49, කවිඳු කුලසේකර 46, ක්‍රිෂාන් සංජුල 44, සම්මු අශාන් 23, රජීව වීරසිංහ 13/2, ශෂික දුල්ෂාන් 63/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.