වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම අද (24 වැනිදා) සමත්විය.
මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 17 කට කඩුලු 4 ක් සහ ඉසුරු උදාන ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(සාරංග රාජගුරු 37, පවන් දේවින්ද 37, ඇන්ජලෝ පෙරේරා 17/4, ඉසුරු උදාන 23/3)
එල්.බී. ෆිනෑන්ස් - ඕවර 23.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 140
(ධනංජය ද සිල්වා 30, රොෂාන් ලක්සිරි 44/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.