Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ අවසන් තරගය 3 වැනිදා

එල්ලේ අවසන් තරගය 3 වැනිදා

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සරත් ගුණරත්න අභියෝගතා කුසලාන එල්ලේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහබාගේ ශාන්ත ජූඞ් සහ ජොෂිටාවත්ත රශ්මි යන කණ්ඩායම් සමත්වී තිබේ. මෙම තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 3 වැනිදා මීගමුවේ දුන්ගල්පිටියේ ගුණරතන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
 

අවසන් පූර්ව වටයේදී පිටිපන රංගන පිල පරාජය කරමින් ජොෂිටාවත්ත රශ්මි පිල අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර මහබාගේ ශාන්ත ජූඞ් පිල අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ මුදුකටුව ෆාතිමා පිල පරාජය කරමිනි.
 

ඒ අනුව තෙවැනි ස්ථානය තොරාගැනීම සඳහා වන තරගයේදී පිටිපන රංගන සහ මුදුකටුව ෆාතිමා යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය.
 

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 100,000 ක් පිරිනැමෙන අතර අනුශූරතාවට මුදලින් රුපියල් 50,000 ක් සහ තෙවැනි ස්ථානයට මුදලින් රුපියල් 20,000 ක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.
 

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ යන මහත්වරු තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට විශේෂ ආරධිතයන් ලෙස සහභාගී වීමට නියමිතය.
 

සරත් ගුණරත්න පදනම විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියට දිවයිනේ ප‍්‍රධාන පෙළේ කණ්ඩායම් 32 ක් සහභාගීවූහ.
036


අදහස් (0)

එල්ලේ අවසන් තරගය 3 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.