Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත යෞවනයෝ අවසන් තරගයට

එංගලන්ත යෞවනයෝ අවසන් තරගයට

editorial - 2026 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේහිදී සහ නැමීබියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අද (3 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට ඕවර 47.3 ක් අවසානයේ එංගලන්ත යොවුන් පන්දු යවනන්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 250 ක් පමණි. ජේම්ස් මින්ටෝ, සෙබස්තියන් මෝගන්, රැල්පි ඇල්බට් සහ මැනී ලුම්ස්ඩෙන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

ඕස්ට්‍රේලියානු යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ඔලිවර් පීක් පන්දු 88 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 100 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු නිතේෂ් සැමුවෙල් පන්දු 83 කින් ලකුණු 47 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ආර්යන් ශර්මා පන්දු 23 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යෞවනයෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබාගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ තෝමස් රෙව් පන්දු 107 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 110 ක් රැස්කළේය. පන්දු 53 කදී වාර්තා වූ කැලිබ් ෆැල්කෝනර්ගේ (40) ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. 


එංගලන්ත යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 277 
(ජෝෂප් මුවර්ස් 25, බෙන් මේයස් 24, තෝමස් රෙව් 110, කැලිබ් ෆැල්කෝනර් 40, ෆර්හාන් අහමඩ් නොදැවී 28, හේඩ්න් ස්චිලර් 31/2, නේදන් කුරේ 49/2) 

ඕස්ට්‍රේලියානු යොවුන් පිල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 250 
(නිතේෂ් සැමුවෙල් 47, ඔලිවර් පීක් 100, ආර්යන් ශර්මා 34, ජේම්ස් මින්ටෝ 30/2, සෙබස්තියන් මෝගන් 33/2, රැල්පි ඇල්බට් 45/2, මැනී ලුම්ස්ඩෙන් 55/2) 

-036 


අදහස් (0)

එංගලන්ත යෞවනයෝ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.