Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත කී‍්‍රඩිකාවන් අවසන් තරගයේ

එංගලන්ත කී‍්‍රඩිකාවන් අවසන් තරගයේ

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි:20 ලෝක කුසලාන කාන්තා තරගාවලියේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 9 කින් පරාජය කළ එංගලන්ත කාන්තා කි‍්‍රකට් පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම  ඕවර 19.5 ක් නිමාවේදී සියලූ දෙනා දැවී ලකුණු 101 ක් ලබාගත් අතර එංගලන්ත කාන්තා පිලට කඩුල්ලක් දැවී ලකුණු 102 ක් ලබාගැනීමට ගතවූයේ  ඕවර 16.5 ක් පමණි.

එංගලන්ත පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සාරා ටේලර් (නොදැවී 44) සහ නායිකා චාලට් එඞ්වර්ඞ්ස් (36) එංගලන්ත කාන්තා පිල මෙම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
 

දකුණු අපි‍්‍රකානු කාන්තා කණ්ඩායම  ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 101 යි
(මැග්නන් ඩි පී‍්‍රස් 23, කෝල් ටි‍්‍රයෝන් 40, අන්යා ශ්රබ්ාසෝල් 12/2, රෙබෙකා ගෲන්ඩි 22/2)

එංගලන්ත කාන්තා කණ්ඩායම  ඕවර 16.5 කදී කඩුල්ලක් දැවී 102
(සාරා ටේලර් නොදැවී 44, නායිකා චාලට් එඞ්වර්ඞ්ස් 36)

 


අදහස් (0)

එංගලන්ත කී‍්‍රඩිකාවන් අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.