Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උරුගුවේ ගෝල 2-0 කින් බොලීවියාව පරදවයි

උරුගුවේ ගෝල 2-0 කින් බොලීවියාව පරදවයි

editorial - 2021 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අද (25 වැනිදා) පැවැති 'ඒ' කාණ්ඩයේ මූලික වටයේ තරගයකදී ගෝල 2-0 ක් ලෙස බොලීවියාව පරාජය කිරීමට උරුගුවේ සමත් විය. මෙවර තරගාවලියේදී මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති උරුගුවේ කණ්ඩායම එහිදී ලැබූ පළමු ජය ⁣මෙයයි.

බොලීවියායානු කණ්ඩායමේ ජේ. කුවින්ටර්ස් තරගයේ 40 වැනි විනාඩියේදී අත්වැරදීමකින් තම දැල තුළටම පන්දුව යොමු කිරීම නිසා උරුගුවේ කණ්ඩායමට පළමු ගෝලය හිමිවිය. එම ගෝලයත් සමග ගෝල 1-0 ක් ලෙසින් උරුගුවේට පෙරමුණ ගෙන දෙමින් පළමු අර්ධය නිමාවට පත්විය.

තරගය නිමාවීමට විනාඩි 11 ක් තිබියදී එනම් 79 වැනි විනාඩියේදී උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් ලබගත් ඊ. කවානි සිය කණ්ඩායමට ගෝල 2-0 ක ජයක් අත්කර දුන්නේය. මෙම තරගයේදී විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් බොලීවියානු ක්‍රීඩකයන් තිදෙනෙක් කහ පැහැති කාඩ්පත් ලැබූහ.

මෙම තරගයෙන් ජය ලැබුවද උරුගුවේ කණ්ඩායම තවදුරටත් 'ඒ' කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ පසුවේ. මින් පෙර පැවැති තරගවලදී ආර්ජන්ටිනාව හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්වූ උරුගුවේ කණ්ඩායම, චිලී රාජ්‍යය සමග ගෝල 1-1 ක් ලෙස සම විය.

මෙවර තරගාවලියේදී පිට පිටම ලද තෙවැනි පරාජය මෙම තරගයේදී ලැබූ බොලීවියාව, 'ඒ' කාණ්ඩයේ පතුලටම ඇද වැටී තිබේ. මින් පෙර පැවැති තරගවලදී බොලීවියාව, පැරගුවේ කණ්ඩායම හමුවේ ගෝල 3-1 ක් ලෙසද, චිලී රාජ්‍යය හමුවේ ගෝල 1-0 ක් ලෙසද පරාජයට පත්විය.

-036


අදහස් (0)

උරුගුවේ ගෝල 2-0 කින් බොලීවියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.