
ඉන්දියාවට එරෙහිව අනිද්දා (10 වැනිදා) පූනේහිදී පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානට අහිමිව යනු ඇතැයි වාර්තාවේ. 31 හැවිරිදි උදාන ඊයේ (7 වැනිදා) පැවැති දෙවන විස්සයි20 තරගයේදී පන්දුවක් රැකගැනීමට යාමේදී සිදුවූ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාගාරය වෙත ගිය නමුත් පන්දු රැකීම සඳහා යළිත් පිටියට නොපැමිණියේය.
තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස මේ වනවිට ඉන්දියාව මේ පෙරමුණ ගෙන සිටින අතර ගුවහාටි හි පැවති පළමු විස්සයි 20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
උදානගේ පිටුපස ප්‍රදේශය තුවාල වී ඇති බවත්, ඔහු “දැඩි වේදනාවෙන්” සිටින බවත් ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පැවසුවේය. උදානට තෙවැනි තරගය අහිමිව ගියද සංචිතය සමගින් ඔහු පූනේහී රැඳී සිටිනු ඇති බව පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.