ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම සහ උතුරු මැද පළාත් කණ්ඩායම අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (20 වැනිදා) අවසන් විය. මෙම තරගය බ්ලූම්ෆීලඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දිනෙත් හේවාතන්ත්‍රී ශතකයක් (136) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.
බස්නාහිර පළාත (මධ්‍යම) - පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලුදෙනා දැවී 204
(අකීල් ඉන්හාම් 73, අනුක් ප්‍රනාන්දු 37, ළහිරු විමුක්ති 30, සංදිප නිසංසලා 09/3, චන්දුල වීරරත්න 21/2, චතුරංග අබේසිංහ 32/2, ජගත් රාජපක්ෂ 45/2)
උතුරු මැද පළාත - පළමු ඉනිම - ඕවර 98.4 කදී සියලුදෙනා දැවී 339
(දිනෙත් හේවාතන්ත්‍රී 136, කවිඳු මදරසිංහ 51, අජිත් රාජපක්ෂ 43, හෙලකමල් නානායක්කාර 41, යොහාන් මෙන්ඩිස් 29, ජනිත් ලියනගේ 44/3, සහන් නානායක්කාර 50/3, ළහිරු විමුක්ති 41/2, ලසිත් ඇඹුල්දෙණිය 80/2)
බස්නාහිර පළාත (මධ්‍යම) - දෙවැනි ඉනිම - ඕවර 21.1 කදී කඩුලු 5 ක් දැවී 102
(අකීල් ඉන්හාම් 46, හෂාන් දුමිඳු 27, ළහිරු විමුක්ති 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.