Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා පාසල්රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාඨශාලීය ලීග් ශූරතා රග්බි තරගාවලිය යටතේ නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති ධර්මරාජ පිලත් ඉසිපතන පිලත් අතර රග්බි තරඟයෙන් ලකුණු 32-19 ක ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල් පිල සමත් විය.
ප්‍රථම අර්ථය නිමාවන විට ලකුණු 20-05 ක් වශයෙන් ඉසිපතන විදුහල ඉදිරියෙන් සිටියද දෙවන අර්ධයේදී ඉසිපතන පිලට එරෙහිව ප්‍රබල සටනක් දීමට ධර්මරාජ ක්‍රීඩකයෝ සමත්වුහ.
ජයග්‍රාහී ඉසිපතන පිල උත්සාහක දිනුම් 5ක් සහ එක් ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර ධර්මරාජ පිල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කළේය.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එකම මඩ ගොහොරුවක් ලෙස පැවති නිත්තවෙල ක්‍රීඩාපිටියේ ප්‍රථම අර්ධයේදී ජයග්‍රහි ඉසිපතන පිල වෙනුවෙන් ලිතුක රුවන් පතිරණ උත්සහක දිනුම් 2 ක්ද ඉමන්ත සන්දිප සහ කවින් ජයසිංහ උත්සහක දිනුමක් බැගින්ද වාර්තා කළ අතර එහි ප්‍රවර්තන සාර්ථක නොවීය.
ධර්මරාජ පිළ වෙනුවෙන් දමිදු රාජපක්ෂ උත්සාහයක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයද අසාර්ථකක විය.
දෙවන අර්ධයේදී ඉසිපතන විදුහල වෙනුවෙන් ලිතුක රුවන්පතිරණ තවත් උත්සහක දිනුමක් වාර්තා කළ අතර අබ්දුල් අහමඩ් විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට අවිෂ්ක හිරාන් සමත් විය.
ඉන් අනතුරුව තරඟයේ පාලනය සියතට ගත් ධර්මරාජ ක්‍රීඩකයෝ ඉසිපතන ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් දෙමින් දිලීෂ දිසානායක සහ පවන් මනෝද්‍ය විසින් උත්සහක දිනුම් දෙකක් වාර්තා කළහ. එහි ප්‍රවර්ථන දෙක දම්සිත් රත්නායක විසින් සාර්ථක කර ගන්නා ලදී.
නිපුණ අමරතුංග මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය.
(ඡායාරූප - ෂේන් සෙනෙවිරත්න)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.