Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්තූජන් - උදයචන්ද්‍රන් බාලක යුගල ශූරතාව දිනති

ඉන්තූජන් - උදයචන්ද්‍රන් බාලක යුගල ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 14 පහළ බාලක යුගළ ශූරතාව දිනා ගැනීමට ඉන්තූජන් සෙල්වරත්නම්රාජා සහ උදයචන්ද්‍රන් ශ්‍රීනාත් සමත් වූහ. එම ඉසව්වේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් (6/1, 6/1) ලෙස නුවන්ත දිසානායක සහ ප්‍රනීල් ජයසිංහ පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් (6/4, 6/2) ලෙස නදීල් සිල්වා සහ රවිඳු වීරසිංහ පරාජය කරමින් ඉන්තූජන් සහ උදයචන්ද්‍රන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. නුවන්ත සහ ප්‍රනීල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 (6/2, 7/6) ක් ලෙස විබුද විජේබණ්ඩාර සහ විනුජ විජේබණ්ඩාර පරාජය කරමිනි.

අෂේන් සිල්වා සහ විනුජ විජේබණ්ඩාර වයස 16 පහළ බාලක යුගළ ශූරතාව දිනාගැනීමට සමත් වූයේ එම ඉසව්වේ අවසන මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/4) අකිත් ගුණවර්ධන සහ තෙවින්ද්‍ර පියදිගම පරාජය කරමිනි.

තරගාවලියේ වයස 14 පහළ බාලක යුගළ ශූරතාව දිනා ගැනීමට චාතූර්ය නිලවීර සහ විචින්ත්‍ය නිලවීර යොහොයුරෝ සමත් වූ අතර අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් (6/4, 6/1) ලෙස දිල්වින් හේරත් සහ ශිවේන්ද්‍ර පෙරේරා පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වැනිදා නිමාවට පත්වේ.

 

ඉන්තූජන් සෙල්වරත්නම් රාජා සහ උදය චන්ද්‍රන් ශ්‍රීනාත්

අශේන් සිල්වා සහ විනුජ විජයබණ්ඩාර

චාතුර්ය නිලවීර සහ විචින්ත්‍ය නිලවීර

 


අදහස් (0)

ඉන්තූජන් - උදයචන්ද්‍රන් බාලක යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.