Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු කබඩි තරගාවලියට යයි

ආසියානු කබඩි තරගාවලියට යයි

ශනුක අරවින්ද - 2016 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කබඩි සම්මේලනය සංවිධානය කරන 3 වැනි ආසියානු කලාපීය කබඩි තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම අද (1) පස්වරුවේ පකිස්තානය බලා පිටත්ව යයි. තරගාවලිය මේ මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වේ.

මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ කොටුවක ස්වරූපයෙන් නොව රවුමක් හැඩැති පිටියක කණ්ඩායම් ක‍්‍රීඩා කිරීමයි. ඉන්දියාව, පකිස්තානය, ඉරානය, ශ්‍රී ලංකාව, නේපාලය, ඇෆ්ගනිස්තානය, තුර්ක්මෙනිස්තානය සහ මැලේසියාව යන රටවල් අටක් තරගාවලියට සහභාගිවේ.

අවසන් වරට පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

සංචාරක ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම:
දුමින්ද පද්මකුමාර (නායක), ජී. එස්. දිසානායක, එස්. ආර්. කේ. ජයසේකර, සමන් කුමාර, වසන්ත කුමාර, එල්. එම්. නිස්වාන්, කේ. මදන්සිං, ප‍්‍රදීප් ප‍්‍රසන්න, එම්. එස්. බණ්ඩාර, කේ. කේ. නිෂාන්ත, ජී. කේ. කරුණාතිලක, පී. සුසන්ත,

නිලධාරීහු:
රවින්ද්‍ර සිල්වා මහතා (පුහුණුකරු), එස්. එල්. එන්. කළුආරච්චි මහතා (කළමනාකරු), කේ. පී. ටී. තුෂාර මහතා (තාක්ෂණ නිලධාරී) සහ සමන් කුමාර මහතා (භෞත චිකිත්සක)

 


අදහස් (0)

ආසියානු කබඩි තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.