Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු කායවර්ධන තරගාවලියට කී‍්‍රඩකයෝ එති

ආසියානු කායවර්ධන තරගාවලියට කී‍්‍රඩකයෝ එති

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන සිකුරාදා (20) කොළඹදී ආරම්භ වන 48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලිය සඳහා සහභාගිවන රටවල ක‍්‍රීඩකයෝ දැන් දිවයිනට පැමිණෙමින් සිටිති. ක‍්‍රීඩකයන් හත් දෙනෙකුගෙන් සමන්විත කුවේට් කණ්ඩායම අද සවස දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලිය මේ මස 20-21 දිනවල සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයන් 202 දෙනෙකු සහභාගි වන බව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතා ලංකාදීපයට පැවැසුවේ මූල්‍ය අර්බුදයක් පැවැතියත් තරගාවලිය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බවය. ඒ අනුව ලබන සිකුරාදා තරගාවලියේ අවසන් පූර්ව තරගත් සෙනසුරාදා පස්වරු 2.45 ට අවසන් මහ තරගත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලියේදී කාන්තා ඉසව් කීපයක් ද පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන විදේශීය ක‍්‍රීඩකයන්ගේ නවාතැන් සඳහා කොළඹ කිංග්ස්බරි හෝටලය වෙන් කර තිබේ. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික කණ්ඩායමට නවාතැන් පහසුකම් සඳහා ඇත්තේ ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයයි.

ලෝක කායවර්ධන සම්මේලනයේ සභාපති ආචාර්ය රෆායෙල් සන්ෆොන්ජා, එහි ලේකම් විලියම් ප‍්‍රිනිව්, ලෝක කාන්තා කායවර්ධන සම්මේලනයේ ලේකම් වොන්ඩා ටි‍්‍රනිව්, ආසියානු කායවර්ධන සම්මේලනයේ සභාපති අබ්දුල්ලා කුමරු ඇතුළු ලෝක හා ආසියානු කායවර්ධන ක්‍ෂේත‍්‍රයේ ඉහළම දූත පිරිසක් හෙට (17) සිට දිවයිනට ළඟාවීමට නියමිතය.

මෙවර ආසියානු කායවර්ධන ශූරතාවලි පැවැත්වෙන සුගතදාස ගෘහස්ථ පිටියට හා ක‍්‍රීඩකයන් ලැගුම් ගන්නා කොළඹ හෝටලයට ඊයේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබේ.


අදහස් (0)

ආසියානු කායවර්ධන තරගාවලියට කී‍්‍රඩකයෝ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.