Last Update  :  2025-12-10 12:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අටක්

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අටක්

editorial - 2025 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී හෙට (10) රටවල් 35 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කරයි. ඔවුන් අද (8) දිවයිනෙන් පිටත්ව ගියහ. ඊට පරිවාර නිලධාරීන් අට දෙනෙකුද ඇතුළත් වේ.

විරූජ සෙනිල රත්නවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහත තරග සංචාරය සදහා රුපියල් මිලියන 12 කට වැඩි වියදමක් දැරීමේදී ඒ සදහා ප්‍රධාන අනුග්‍රාහය ක්‍රීඩා අමාත්‍යාංශය දරා තිබෙන අතර ඩයලොග් ආසියාටා සමාගම හා මාස් හෝල්ඩින්ස් ආයතනය සහය අනුග්‍රාහයක් දරා තිබේ. ජාතික පැපැරලිම්පික් කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා පැවැසුවේ කණ්ඩායමේ ගුවන් ප්‍රවේශපත්‍ර වියදම සිය කමිටුව විසින් දරන බවයි.

ලබන සෙනසුරාදා (13) දක්වා තරගාවලිය පැවැත්වීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු, මේසපන්දු හා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඊට නිර්දේශවී තිබේ.

බුද්ධිමය හා ශාරීරික ඌනතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සිව් වසරකට වරක් කලාපයේ රටවල් සහභාගිත්වයෙන් ආසියානු යොවුන් පැර ක්‍රීඩා උළෙල සංවිධානය කෙරේ. මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් ක්‍රීඩා ඉසව් ගණන 11 කි. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500 දෙනෙකු ඒ සදහා තරග වදියි. අසල්වැසි ඉන්දියාව ක්‍රිඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 115 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කර තිබේ.

අවසන් වරට 2021 ඩුබායි නුවර සත්කාරයෙන්ම පැවැති දෙවැනි ආසියානු පැර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 51 ක් හිමි කර ගත් ඉරානය ක්‍රීඩා උළෙලේ සමස්ත ජයග්‍රාහණය හිමි කර ගෙන තිබේ.

තෙවැනි ආසියානු පැර ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම,

* මලල ක්‍රීඩා : - ජී.කේ.එස්. සදිලූ, එස්.ඩී.යූ.කුමාරගේ, එෆ්. ඩබ්ලිව්. මින්රුත, එම්.අයි.යුනූස්,

ඒ.ඩබ්ලිව්.වී.එස්.රත්නවර්ධන.

* මේසපන්දු : - එස්.ජේ.රූසත්, මාදෙව් දෙහිගහවත්ත.

* බැඩ්මින්ටන් : - ඩී.එස්.එස්.එස්.එම්.කෞෂල්‍ය, ආර්.ඒ.එච්.එස්.රණසිංහ

*පරිවාර නිලධාරීන් : - කණ්ඩායම් ප්‍රධානී : -මේජර් ජනරාල් රජීව වික්‍රමසිංහ, පුහුණුකරුවන් : - නෙල්සන් ගමගේ හා කර්නල් නන්ද කුමාර, කළමනාකරු - චමින්ද අත්තනායක, ක්‍රීඩිකාවන් භාර නිලධාරීනී : - දිලිනි වාරියපොල හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරී : - රුචිර දෙල්දෙණිය යන මහත්ම මහත්මීන්

ඡායාරූපය : - ඩුබායි ආසියානු පැර ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්


අදහස් (0)

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.