Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආලෝකය නැතිව රග්බි තරගය නවතී

ආලෝකය නැතිව රග්බි තරගය නවතී

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය ක‍්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය විසන්ධිවීම නිසා අත්හැර දැමීමට සිදුවිය.


විදුලි ආලෝකය මධ්‍යයේ තරගය පස්වරු 6.30 ට ආරම්භ කිරීමට අරුණ රන්කොත්ගේ මහතා නළා හඩ නිකුත් කිරීමට ආසන්නව තිබියදී විදුලිය විසන්ධිවීමෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි විය. මිනිත්තු 45 ක කාලයක් ක‍්‍රීඩාංගණයට විදුලිය නොලැබීමෙන් රාත‍්‍රි 7.15 ට පමණ තරගය අතහැර දැමීමට තරග කොමසාරිස් ශිහාම් සිදික් මහතා තීරණය කළේය.


විදුලිය විසන්ධි වී තිබියදී කණ්ඩායම් දෙකම විනාඩි 45 කාලයක් අඳුරේම ක‍්‍රීඩාගංණයේ රැුදී සිටියේය. එම කාලය තුළ මිනිත්තු 20 ක පමණ කාලයක් ප‍්‍රධාන ක‍්‍රීඩාගාරය අන්තයේ කුළුණු දෙකක පමණක් විදුලි බුබුළු කීපයක් දැල්වුණි. කෙසේ වෙතත් තරග අත්හැර දමා මිනිත්තු කීපයකින් ක‍්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය යථා තත්ත්වයට පත්විය.


ක‍්‍රීඩාංගණයට විදුලි සැපයූ විදුලි ජනක යන්ත‍්‍රය අක‍්‍රීය වීමෙන් විදුලි විසන්ධිවීම සිදුවී ඇති බවත් එය අක‍්‍රීය වූ අවස්ථාවක යොදා ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණය සතුව අතිරේක විදුලි ජනක යන්ත‍්‍රයක් නොතිබීම මේ තත්ත්වයට හේතු වූ බවත් ක‍්‍රීඩාංගණයේ සේවකයකු පැවසීය. 


තරග කොමසාරිස්වරයා ශියාම් සිද්දික් මහතා පැවසුවේ තරගය අතහැර දැමූ බවත් තරගයේ ප‍්‍රතිඵලය පිළිබඳව තීරණය රග්බි සංගමයේ විධායක කමිටුවට පැවරෙන බවයි.


මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ හම්බන්තොට ශාක්ස් ක‍්‍රීඩා සමාජයේ සභාපති, වයඹ පළාත් සභා මන්ත‍්‍රි ජොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ නැවත තරගය පැවැත්විය යුතු බවත් මේ පිළිබඳව තම කණ්ඩායම රග්බි සංගමයට පැමිණිළි කරන බවත්ය.


‘‘නව කණ්ඩායමක් හැටියට මේක අපේ පළමු තරගය, හම්බන්තොට සිට අපි තරගයට පැමිණියේ ක‍්‍රීඩා කරන්න. ක‍්‍රීඩාගංණයේ විදුලි නොමැතිවීමෙන් තරගය පැවැත්වීමට නොහැකි වීම කණගාටුදායකයි’’ යැයි ජොහාන් ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.


ඇතිවූ තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී රග්බි සංගමයේ ලේකම් රිස්වි ඉල්ලියාස් මහතා පැවසුවේ මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බවත් රග්බි සංගමයේ විධායක කමිටුව මේ පිළිබඳව තීරණයක් ගනු ඇති බවත්ය.


මෙම තරගයේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ රග්බි විශේෂඥයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම තරගය පැවැත්වීමට නොහැකි වීම නිසා අන්තර්ජාතික රග්බි නීතියට අනුව නැවත තරගය පැවැත්වීම හෝ ලකුණු සමව ලබාදීම යන තීරණ දෙකෙන් එකක් ගතහැකි බවයි.


‘‘මේ තරගය පවත්වන්න බැරි වුණා. ඒ නිසා තරගය අත්හැර දැමීමේ අයිතිය තියෙන්නේ තරග කොමසාරිස්වරයාටයි. අන්තර්ජාතික රග්බි නීතියට අනුව තරගයේ ප‍්‍රතිඵලයක් දෙන්න අවම වශයෙන් පළමු අර්ධය ක‍්‍රීඩා කර තිබිය යුතුයි’‘ යැයි රග්බි විශේෂඥයා වැඩි දුරටත් පැවසීය.


තරගය නැරඹීමට ප‍්‍රවේශපත් ලබාගෙන 2,000 කට ආසන්න පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක් පැමිණ සිටියහ. ඔවුන් රුපියල් 100 සිට 500 දක්වා ප‍්‍රවේශපත් මිලදී ගෙන තිබූ අතර එම මුදල් නැවත ලබාදීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය කටයුතු නොකළ බව ද වාර්තා වේ.
 


අදහස් (0)

ආලෝකය නැතිව රග්බි තරගය නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.