Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද විදුහල් පළමු ඉනිම 170 යි

ආනන්ද විදුහල් පළමු ඉනිම 170 යි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 85 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (04) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරග අත්හිටුවන විට නාලන්දා විදුහල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණක් ලබා සිටියේය.

ආනන්ද විදුහල පළමු ඉනිම ලකුණු 170 කට සීමා කිරීමට නාලන්දා විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.

නාලන්දා විදුහල් නායක වොෂාන්ත සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ආනන්ද විදුහලට බාර කළේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පස්වරු 3.00 කට පමණ තරගය තාවකාලිකව අත්හිටුවූ අතර පසුව වර්ෂාව ඇඳ හැළීම නිසා පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කළේය.

ආනන්ද විදුහල පළමු ඉනිම  ඕවර 55.3 කදී සියලූ දෙනා දැවී 170 (ලක්කන ජයසේකර 36, කුෂිල් පෙරේරා 23, සහන් ආරච්චිගේ 40, දසුන් විජේසිංහ 21, අනුත්තර මාධව 32/4, කවිඳු බණ්ඩාර 19/2, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 38/2)

නාලන්දා විදුහල  ඕවර 2 කදී කිසිවකු නොදැවී 01


අදහස් (0)

ආනන්ද විදුහල් පළමු ඉනිම 170 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.