අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර කොළඹ ආනන්ද මාවතේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල සමත්විය. ලක්හාන ජයසේකර ලකුණු 54 ක් රැස්කරමින් ආනන්ද විදුහලට මෙම පළමු ඉනිමේ ජය ලබාගැනීමට මග පෑදීය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද විදුහල දිනය නිමාවන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය.
පළමු ඉනිමේදී සියලූදෙනා දැවී ලකුණු 135 ක් රැස්කළ ධර්මපාල විදුහල, අද (29 වැනිදා) උදෑසන සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර කඩුලූ 6 ක් දැවී ලකුණු 265 ක් ලබාසිටියදී එම අත්හිටුවා ආනන්ද විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
ධර්මපාල විදුහලේ හර්ෂ ගාල්ලගේ පන්දු 230 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 116 ක් රැස්කළේය.
ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලූදෙනා දැවී 135
(සචිඳු පෙරේරා 35, මධුෂාන් විජේකෝන් 23, හර්ෂ ගාල්ලගේ 20, හිමාෂ ලියනගේ 19, සඳකැන් පතිරණ 34/3, ඉසුරු ගුණසේකර 38/3, කසුන් පෙරේරා 20/2, තාරන රවිඳු 30/2)
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලූදෙනා දැවී 191
(ලක්හාන ජයසේකර 54, තමලක ඇතුලත්මුදලි 36, කුෂිල් පෙරේරා 17, සඳකැන් පතිරණ 15, කුෂාන් ජයලත් 19/4, තරිඳු මධුවන්ත 52/4, පසිඳු කේෂාන් 43/2)
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 70 කදී කඩුලූ 6 කට 265
(හර්ෂ ගාල්ලගේ නොදැවී 116, ජයම්පතිි බණ්ඩාර 56, සචිඳු පෙරේරා 35, ඉසුරු ගුණසේකර 63/4)
ආනන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලූ 5 කට 87
(දසුන් විජේසිංහ 23, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 15, තරිඳු මධුවන්ත 26/2, පසිඳු කේෂාන් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.