Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 113 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය මහින්ද විදුහල් කණ්ඩායම, තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 20 ක් ලබා සිටියේය. එහිදී බිඳවැටුණ කඩුලු 2 ටම හිමිකම් කීමට රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ උප නායක අවිඳු තීක්ෂණ සමත් විය.

පළමු ඉනිමේදී ලද ලකුණු 52 ක වාසියත් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ රිච්මන්ඞ් විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 150 ක් රැස්කිරීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා මහින්ද විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයන නිරත වූ තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් රිච්මන්ඞ් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීය.

පළමු දිනයේදී (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටි මහින්ද විදුහලට දෙවැනි දිනයේදී (17 වැනිදා) සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 48 ක් පමණි. දිලුම් සුධීර ලකුණු 29 කට කඩුලු 5 ක්ද, සඳුන් මෙන්ඩිස් ලකුණු 38 කට කඩුලු 5 ක්ද දවාගනිමින් මහින්ද විදුහලේ පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.

කාසියේ වාසිය දිනූ මහින්ද විදුහල් නායක රෙෂාන් කාවින්දගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 170 ක් රැස්කළහ. රිච්මන්ඞ් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දෘවින්ක කලංසූරිය ලකුණු 42 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසන් පෙතන්ගොඩ ලකුණු 46 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය.  

  • දක්ෂතම පිතිකරු තවීශ අභිශේක් (රිච්මන්ඩ්)
  • දක්ෂතම පන්දු යවන්නා සදුන් මෙන්ඩිස් (රිච්මන්ඩ්)
  • දක්ෂතම පන්දු රකින්නා - විමුද් සප්නක (රිචිමන්ඩ්)
  • තරගයේ වීරයා - දිලුම් සුධීර (රිච්මන්ඩ්)

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 170
(දෘවින්ක කලංසූරිය 42, ධනංජය ලක්ෂාන් 31, දිලුම් සුධීර 25, අවිඳු තීක්ෂණ 22, පසන් පෙතන්ගොඩ 46/5, නවෝද් පරණවිතාන 20/3)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලු දෙනා දැවී 118  
(නාවෝද් පරණවිතාන 27, හංසික වැලිහිඳ 26, දිලුම් සුධීර 29/5, සඳුන් මෙන්ඩිස් 38/5)

රිච්මන්ඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 4 ක් දැවී 150
(තවීෂ අභිෂේක් නොදැවී 71, ආධිත්‍ය සිරිවර්ධන 20, නිපුන් මාලිංග 50/2)

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 20   
(අවිඳු තීක්ෂණ 5/2)

ඡායාරූප - පී ඩී  ද සිල්වා


අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.