(සිරංගිකා ලොකුකරවිට)
ප්‍රථම වරට තෙදින තරගයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති රිච්මන්ඩ් - මහින්ද 120 වැනි ආදරවන්තයන්ගේ සටන ඉකුත් සෙනසුරාදා (5 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 219 ක් ලබාගත්තේය. එක් අවස්ථාවකදී මහින්ද කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ප්‍රබල තත්වයක සිටියද, පසුපෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යෑම නිසා ඉනිම බිඳවැටිණ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රිච්මන්ඩ් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටියදී, සිය ඉනිම අත්හිටවූයේය. රිච්මන්ඩ් ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 110 දී දැවීගිය නමුත්, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙවින් ජයවර්ධන සහ පුබුදු මිහිරංග සිය කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණයක් දක්වා රැගෙන ගියහ.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී 147 ක් ලබාගෙන ඉනිම අන්හිටුවූ අතර තරගය නිමාවට පත්වන විට රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා ගෙන සිටියේය.
මෙවර තරගයේ වීරයා ලෙස රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ පුබුදු මිහිරංගද, හොඳම පිතිකරු ලෙස මහින්ද විද්‍යාලයේ සෙනුක දංගමුවද, හොඳම පන්දු යවන්නා ලෙස මහින්ද විද්‍යාලයේ කවීන් රැක්ෂාන්ද, හොඳම පන්දු රකින්නා ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ බෙවින් ජයවර්ධනද සම්මාන හිමිකර ගත්හ.
මහින්ද විද්‍යාල පලමු ඉනිම - ඕවර 73.4 කදී සියලු දෙනා දැවී 217
(සෙනුක දංගමුව 58, කවීන් රැක්ෂාන් 49, රන්දුල මාඹරන 38, පුබුදු මිහිරංග 33/3, යුරි කොත්තුගොඩ 45/2, මලිත් මිහිරංග 61/2)
රිච්මන්ඩ් විද්‍යාල පලමු ඉනිම - ඕවර 117.2 කදී කඩුලු 9 ක් දැවී 227
(බෙවින් ජයවර්ධන නොදැවී 52, පුබුදු මිහිරංග 47, නිකිල් ජයවීර 45, කවීන් රුක්ෂාන් 70/4, සදෙව් නෙත්මිණි 24/2)
මහින්ද විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 147
(දුල්සිත් දර්ශන 82, සෙනුක දංගමුව 35, රන්දුල මාඹරන 19, තමිදු ප්‍රදීප්ත 10/3)
රිච්මන්ඩ් විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී 23
(ෂෙහාන් සොයිසා නොදැවී 17)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.