ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් රවිචන්ද්‍රන් අශ්වින් ඉවත් කර ඇත්තේ ඔහුට එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දීම සඳහා බව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති එම්. එස්. කේ. ප්‍රසාද් මහතා පවසයි. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රසාද් මහතා එසේ පැවසීය.
ලබන වසරේදී (2018 දී) පැවැත්වෙන ඉන්දීය පිලේ එංගලන්ත සංචාරය ඉලක්ක කරමින් රවිචන්ද්‍රන් අශ්වින්ට එංගලන්තයේ වූස්ටර්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කර එංගලන්තයේ තරග තත්ත්වයන් පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර දී තිබේ.
ටෙස්ට් පිතිකරු චෙටේස්වාර් පුජාරාත් 2018 ටෙස්ට් තරගාවලිය ඉලක්ක කරමින් නොටිංහැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරයි.
“අපට ලබන වසරේ එංගලන්තයත් එක්ක තරග 5 ක සම්පූර්ණ තරගාවලියක් තියෙනවා. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව වෙස්වළාගත් ආශිර්වාදයක්” යයිද ප්‍රසාද් මහතා පැවසීය.
මේ අතර තවත් ඉන්දීය ක්‍රීඩකයකු වන ඉෂාන්ත් ෂර්මා වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බවද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.