වෙළෙඳ සේවා ක්රිකට් තරගාවලියේ ‘එෆ්’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්ටැෆර්ඞ් මෝටර්ස්, බ්රැන්ඩික්ස් - ‘බී’, පල්ලියගුරුගේ සහ හයිඩ්රාමනී යන කණ්ඩායම් සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී තේජා ලංකා කණ්ඩායම පරාජය කරමින් ස්ටැෆර්ඞ් මෝටර්ස් කණ්ඩායමත්, එච්.එස්.බී.සී. - ‘සී’ කණ්ඩායම පරාජය කරමින් බ්රැන්ඩිකිස් බී කණ්ඩායමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
පල්ලියගුරුගේ සහ හයිඩ්රාමනී කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී පිළිවෙලින් ටෙක්නො මෙඩික්ස් සහ ජනශක්ති කණ්ඩායම් පරාජය කරමිනි.
මෙම තරගාවලිය ඕවර 25 තරගාවලියක් ලෙස පැවැති අතර එහි අර්ධ අවසන් පූර්ව වටයේ තරග කොළඹ වෙළෙඳ සේවා සංගම් ක්රිකට් ක්රීඩාංගණයේදී ඉකුත්දා පැවැත්විණ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග
ස්ටැෆර්ඞ් මෝටර්ස් කණ්ඩායමට ලකුණු 54 ක ජයක්
ස්ටැෆර්ඞ් මෝටර්ස් පිල - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 154
(ශානක සම්පත් 37, රතික රාජ් 31, කල්ප රදීෂ 32, දුෂාන් සුලක්ෂණ 25, උදාර ජයකොඩි 22/2, දිනේෂ් තාරක 40/2)
තේජා ලංකා පිල - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 100
(අමිල මෙන්ඩිස් 9/5, රතික රාජ් 3/2)
බ්රැන්ඩිස්ක් ‘බී’ කණ්ඩායමට කඩුලු 8 ක ජයක්
එච්. එස්. බී. සී. ‘සී’ පිල - ඕවර 22.1 කදී සියලු දෙනා දැවී 73
(වසීම් සිනෙන් 13, ශිරාන් අබේරත්න 13/5)
බ්රැන්ඩිස්ක් ‘බී’ පිල - ඕවර 9.4 කදී කඩුලු 2 ක් දැවී 74
(ශිරාන් අබේරත්න නොදැවී 26, මදුෂංක රත්නායක නොදැවී 25)
පල්ලියගුරුගේ කණ්ඩායමට කඩුලු 7 ක ජයක්
ටෙක්නො මෙඩික්ස් පිල - ඕවර 25 කදී සියලු දෙනා දැවී 135
(තිලාන් ශ්රීපති 35, රසිත චලංග 34, ඒස්. ඒ. ඩී. ඉන්දික 29, නිවන්ක පල්ලියගුරු 17/3, සංදීප් රොද්රිගෝ 18/2, සාගර විජේමාන්න 22/2)
පල්ලියගුරුගේ පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 138
(හර්ෂ ද සිල්වා 58, දිලුම් හරිෂ්චන්ද්ර 44)
හයිඩ්රාමනී කණ්ඩායමට කඩුලු 3 ක ජයක්
ජනශක්ති පිල - ඕවර 25 කදී කඩුලු 9 ක් දැවී 121
(වින්දික නදීර 42, චිරන්ත ද සිල්වා 24, මොහොමඞ් සහරාන් 26/3, උමේෂ් සචින් 10/2)
හයිඩ්රාමනී - ඕවර 24.3 කදී කඩුලු 7 ක් දැවී 127
(විමුක්ති විරාජ් නොදැවී 42, උදේෂ් වැලිගොඩ 21, මහීපාල මදුෂංක 21, පී. බි්රන්ධබාන් 22/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.