Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් තරගයට විශේෂ ගුවන් යානයක්

අවසන් තරගයට විශේෂ ගුවන් යානයක්

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 17 Comment
A A A

ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම නිසා මේ මස 6 වැනිදා ඩකා හිදී පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කර තිබේ. අවසන් මහ තරගය නැරඹීමේ කැමැත්තෙන් පසුවන කි‍්‍රකට් ලෝලීන්ගේ පහසුව තකා මෙම විශේෂ ගුවන් යානය සූදානම් කෙරේ.

එදින උදය වරුවේ කොළඹින් පිටත්වන මෙම ගුවන් යානය තරගයෙන් අනතුරුව එදින රාති‍්‍රයේම නැවතත් ඩකා නුවර සිට කොළඹ බලා පිටත්වීමට නියමිතය.

කි‍්‍රකට් ලෝලීන් දුරකතන අංක 0773112862 යන දුරකතන අංකය ඔස්සේ චන්දිම මහතා ඇමතීමෙන් මෙම ගුවන් යානයේ ආසන වෙන්කරගත හැකිය.

ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර අද (4 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම සමග ශී‍්‍ර ලංකාව 6 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී තරග වදී.


අදහස් (17)

අවසන් තරගයට විශේෂ ගුවන් යානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.