Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් එක්දින තරගයටත් මේ කී‍්‍රඩකයන්ම

අවසන් එක්දින තරගයටත් මේ කී‍්‍රඩකයන්ම

ශනුක අරවින්ද - 2013 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

නවසීලන්ත පිලට එරෙහිව දඹුල්ලේදී මේ මස 16 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගයට ද පළමු තරග දෙකට සහභාගි වූ සංචිතය නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.

මෙම සංචිතය පළමු තරග දෙකට පමණක් නම් කර තිබූ අතර එම තරග දෙකේ ප‍්‍රතිඵලය අනුව තෙවැනි තරගයේදී නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීමට තේරීම් කමිටුව මීට පෙර සැළසුම්කර තිබුණි.

”දැන් මේ තරගයත් අතහැර දැමුවම තරගාවලිය ජයගන්න අවසන් තරගය පමණයි ඉතිරිව තිබෙන්නේ, ඒ තරගයේ ලොකු වෙනසක් කළොත් තරගාවලියේ ප‍්‍රතිඵලය අවදානමේ. තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් සමගත් සාකච්ඡ කර අවසන් තීරණය ගන්නවා” යයි සනත් ජයසූරිය පැවසීය.

”සංචිතයේ වෙනසක් වෙයි කියලා නිශ්චිතව කියන්න බෑ. දිමුත්ට අවස්ථාව දුන්නා විතරයි, එකවර ඉවත් කළ හොත් ඒක එතරම් සාධාරණ නෑ”

’‘විස්සයි20 සංචිතයේ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර සැළකිය යුතු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තෙවැනි එක්දින තරගය අවසන් වූ වහාම කමිටුව රැස්වී එම සංචිතය නම් කරනවා” යැයිද ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.
 


අදහස් (3)

අවසන් එක්දින තරගයටත් මේ කී‍්‍රඩකයන්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.