Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි. පී. එල්. තරග ශී‍්‍ර ලංකාවේදීත්?

අයි. පී. එල්. තරග ශී‍්‍ර ලංකාවේදීත්?

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 7 වැනි වසර වන ලබන වසරේ (2014) තරග කීපයක් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පැවැත්වීමට අදහස් කර තිබෙන බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ඉන්දීය ලෝක් සභා මැතිවරණය සහ අයි. පී. එල්. තරගාවලිය එකම කාලයේ පැවැත්වුණ හොත් ඉන්දියාවෙන් පිටත තරග පැවැත්වීමට සිදු වන බවට අයි. පී. එල්. සංවිධායකයෝ පවසති. මෙම මැතිවරණය හේතුවෙන් අයි. පී. එල්. තරගාවලියේ දෙවැනි අදියර 2009 වසරේ දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට සිදුවිය. 

අයි. පී. එල්. තරගාවලිය සාමාන්‍යයෙන් අපේ‍්‍රල් සහ මැයි මාසවල දින 50 කට වැඩි කාලයක් තිස්සේ පැවැත්වේ.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි යෝජනාවක් පිළිබඳව තමන්ද දැනුවත්ව ඇති නමුත් මේ දක්වා ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

”ඉන්දීය මැතිවරණය පැවැත්වෙන දින නියම කළ පසුවයි ඒ පිළිබඳව නිවැරදිව ප‍්‍රකාශ කළ හැක්කේ. අයි. පී. එල්. තරගාවලිය සහ මැතිවරණය එකිනෙක මත වැටුණොත් තරග කීපයක් ඉන්දියාවේ පවත්වා වැඩි සංඛ්‍යාවක් පිට පවත්වන්න වෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පහුසවෙන් ළගා වෙන්න පුළුවන් රටවල්, ඒවගේම සංවිධානයට පහසුයි’’ යැයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියකු පවසා ඇතැයිද වාර්තා වේ.

 

 

 

 

 


අදහස් (0)

අයි. පී. එල්. තරග ශී‍්‍ර ලංකාවේදීත්?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.