Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අම්පාර ඞී. එස්. සේනානායක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට එයි

අම්පාර ඞී. එස්. සේනානායක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට එයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්පාර ඞී. එස්. සේනානායක විදුහල, වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අම්පාර දිස්ත‍්‍රික්කයේ පාසලක්, ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන ක‍්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලූ තුනකින් වලල ඒ. රත්නායක විදුහල පරාජය කිරීමට සමත් විය.

වලල ඒ. රත්නායක විදුහල පළමුව පන්දුවට පහර දෙමින්  ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 169 ක් රැුස් කළේය. ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 47.3 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

මෙම ජයග‍්‍රහණය සඳහා එම විදුහලේ විදුහල්පති එස්. කේ. සමරනායක, ක‍්‍රිකට් බාර ආචාර්ය චිත‍්‍රානන්ද බණ්ඩාර සහ පුහුණුකරු ඉන්දික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ කැප වීම ක‍්‍රීඩකයෝ අගය කළහ.

ඌව පළාත් පුහුණුකරු චමින්ද කොඩිකාර සහ අම්පාර දිස්ත‍්‍රික් පුහුණුකරු සුජීව ගුණරත්න යන මහත්වරු ද තමන්ට සහයෝගය දැක්වූ බව එම විදුහල පවසයි.


අදහස් (0)

අම්පාර ඞී. එස්. සේනානායක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.