Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පළාත් තරග අම්බලන්ගොඩදී

අන්තර් පළාත් තරග අම්බලන්ගොඩදී

Nisanka Sandeepani - 2017 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

            මෙවර  ජාතික  මහා  ක්‍රීඩා  උළෙලට  සමගාමිව  ක්‍රීඩා  අමාත්‍යාංශය  විසින්  සංවිධානය  කරනු  ලබන   අන්තර්  පළාත්  කාන්තා, පිරිමි   පැසිපන්දු    තරගාවලි   සැප්තැම්බර්  මස  12 , 13  හා 14 දිනවල  අම්බලන්ගොඩදී  පැවැත්වේ.

           සියලු පළාත් නියෝජනය කරමින් කාන්තා පැසි  පන්දු  කණ්ඩායම්  නවයක්  හා පිරිමි  පැසි  පන්දු  කණ්ඩායම්  නවයක්  තරග වැදීමට නියමිතය.
මේ  තරගාවලියේ   පිරිමි  පැසි පන්දු  තරගය  අම්බලන්ගොඩ  ධර්මාශෝක  විදුහල්  පැසි පන්දු  පිටියේදී ද කාන්තා  පැසි පන්දු  තරගය  අම්බලන්ගොඩ  පී.ද.එස්.කුලරත්න  විදුහල්  පැසි  පන්දු  පිටියේදී ද  පැවැත්වීමට නියමිතය.

             ජාතික  මහා  ක්‍රීඩා  උළෙලක  ක්‍රීඩා  තරගාවලියක්  අම්බලන්ගොඩදී  පැවැත්වෙන  පළමු  අවස්ථාව  මෙය වන හෙයින්   එම අවස්ථාව  අතිඋත්කර්ෂවත්  අයුරින්  පැවැත්වීමට  දකුණු  පළාත්  ක්‍රීඩා  අමාත්‍යාංශය, අම්බලන්ගොඩ  ආදී පැසිපන්දු  ක්‍රීඩකයන් හා පැසිපන්දු  ක්‍රීඩාලෝලීන්  මේ දිනවල  කටයුතු සම්පාදනය  කරමින්  සිටිති.


අදහස් (0)

අන්තර් පළාත් තරග අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.