(මෙම ලිපියේ මුල් කොටස ඊයේ පළවිය. අද පළවන්නේ එහි දෙවැනි කොටසයි)
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පාලන කටයුතු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කළ වුල්ෆ් සාමිවරයා සහ ප‍්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් ආයතනය එක්ව සකස් කළ වාර්තාවේ (වුල්ෆ් වාර්තාව) මෙසේ සටහන් වේ.
”සාමාජිකයින්ට, කොටස් හිමියන්ට සහ සමස්ථ කි‍්‍රකට් ප‍්‍රජාවට අවශ්‍ය වන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විශ්වසනීය අයුරින් එහි පාලන කටයුතු කරනු දැකීමයි. එවන් විශ්වසනීයත්වයක් ගොඩනගා ගැනීම සදහා විවිධ සන්දර්භයන් මත පිහිටා වැඩකටයුතු කිරීමට සිදුවන අතර මෙය සියලූ ආයතනයන්ට, විශේෂයෙන්ම විශාල වපසරියක විහිදුණු වගකීම් රැසක් ඇති, එමෙන්ම මේ දක්වා හොද නමක් ගොඩනගාගෙන සිටින අන්තර්ජාතික කි‍්‍රකට් සභාව වැනි ආයතනයකට පොදු කරුණකි”
”ආයතනයක් තුළ හොඳ අන්තර් සබඳතාවයන් පවත්වා ගැනීම, සාධාරණත්වය හා විනිවිදභාවය වැනි කරුණු කාරණාත් වාණිජ කටයුතු වලින් අත්කරගන්නා ප‍්‍රගතිය සේම ආයතනයක හොඳ නමට බලපායි.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව හා අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව සැළකූ විට ඒවාට තම අනන්‍යතාවය රැක ගනිමින් මෙතෙක් කල් රඳවාගෙන සිටි හොඳ නම පවත්වාගැනීමට අපහසු වී ඇති සෙයක් පෙනේ. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සාමාජික මණ්ඩල තම තමන්ගේ තරාතිරම නොදැන කටයුතු කිරීමත්, ඒවා පාලනය කිරීමට කි‍්‍රකට් සභාව නිසි පියවර ගෙන නොමැති වීමත් මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතුවී තිබේ.
”අනෙක් පසින් කොටස් හිමියන් යනු තමන් ලබන ලාභයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන්නෝය. ඔවුන්ව සතුටින් තැබීමට කි‍්‍රකට් සභාව නිසි අයුරින් කි‍්‍රයාකාරී විය යුතුය”
”කෙටියෙන් කියතොත් කි‍්‍රකට් ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම, කිී‍්‍රඩාවේ අනාගත පැවැත්මට සුභදායක වනු ඇත. එය සියලූ දෙනාගේම වගකීම විය හැකි වුවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට එහි වැඩි බර පැවරී තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.
තම සාමාජිකයින්ගේ හා මණ්ඩලවල ගැටළු විසදීම සම්බන්ධයෙන් ශ‍්‍රමය යොදවමින් සිටින අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, එවන් කටයුතු වලින් මිදී මුළු කි‍්‍රකට් කී‍්‍රඩාවේම පාලනය හා විමර්ශන කටයුතු වලට මුල් තැන දීම වහාම කළ යුතුව තිබේ”
”එහෙන්ම සාමාජික මණ්ඩල වල ආර්ථික ශක්තිය සැළකීමේදී ඒවා එකිනෙකාට වෙනස්ය. මෙම කරුණු නිසා ඉහළ ආර්ථික ශක්තියක් ඇති ඉන්දියාව හා එංගලන්තය තම තමන්ගේ අයිතීන් සම්බන්ධයෙන් වැඩි වශයෙනුත් ඔවුන්ට සාපේක්ෂව අඩු ආර්ථික ශක්තියක් ඇති ඕස්ටේ‍්‍රලියාව හා දකුණු අපි‍්‍රකාව වැනි රටවල් තම තමන්ගේ අයිතීන් සම්බන්ධයෙන් පෙර රටවලට සාපේක්ෂව අඩු වශයෙනුත් සභාවේ පෙනී සිටිනු හදුනාගත හැකිය.”
”ඉහළ ආර්ථික ශක්තියක් තිබීම අන්තර්ජාතික තලයේදී කි‍්‍රකට් කී‍්‍රඩාවට මහත් ශක්තියක් වන බව විවාදයෙන් තොරය. නමුත් මෙහි අනිටු ඵල විපාක වන්නේ ඉහළ ආර්ථික ශක්තීන් හිමි ඇතැමුන් එම ශක්තිය උපයෝගී කරගනිමින්, තම තමන්ගේ වුවමනා එපාකම් පිරිමසා ගැනීමට කටයුතු කිරීමයි.
මේනිසා ගනු ලබන ඇතැම් තීරණ තනි පුද්ගලයෙකුගේ මතය නිරූපණය කරනු විනා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සියලූම සාමාජිකයින්ගේ හෝ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධවූවන් නියෝජනය කිරීමක් සිදුනොවනු ඇත” යයිද වුල්ෆ් වාර්තාවේ සටහන් වේ.
මේ අනුව ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය යන රටවල කි‍්‍රකට් පාලක මණ්ඩල අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ගරුත්වය කෙළෙසෙන අයුරින් හැසිරී ඇතැයි පෙනෙන්නට තිබේ.
නිසි සාකච්ඡවක් නොකර, හිතුමතයට තම තමන්ගේ න්‍යාය පත‍්‍රයන් සම්පූර්ණ කර ගැනීමට තැත් කිරීමෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධානියා හා අධ්‍යක්ෂක මණ්ඩලය හෑල්ලූවට පත් කර ඇත. මෙම කි‍්‍රකට් පාලක මණ්ඩල තුනම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පිළිගත් සන්දර්භයන් නොසළකා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනේ.
(තව කොටසක් ලබන සතියේ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.