Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අදි බෙන්ස් - වත්තල මොරටුව - ගුවන් හමුදාව පහසු ජයග‍්‍රහණ ලබති

අදි බෙන්ස් - වත්තල මොරටුව - ගුවන් හමුදාව පහසු ජයග‍්‍රහණ ලබති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු සංගමය සංවිධානය කරන අන්තර් සමාජ ප‍්‍රවීනයන්ගේ පැසිපන්දු තරගාවලියේ ඊයේ (31 වැනිදා) පැවැති තරග වලින් ජය ලැබීමට අදි බෙන්ස්, මොරටුව, වත්තල සහ ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම් සමත්විය.

මෙම තරග වලදී පියල් ද සිල්වා (නාවික හමුදාව - ලකුණු 20), චමින්ද ද අල්විස් (මොරටුව කී‍්‍රඩා සමාජය - ලකුණු 22), ජානක ප‍්‍රනාන්දු (යුද හමුදාව - ලකුණු 22), සුසිල් ඩයස් (යුද හමුදාව - ලකුණු 20), මැක්ස්වෙල් සරණපාල (වත්තල කී‍්‍රඩා සමාජය - ලකුණු 24) සහ රවී දොඩන්ගොඩ (ගුවන් හමුදාව - ලකුණු 22) යන කී‍්‍රඩකයෝ තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 20 ඉක්මවා රැස්කළහ.


තරග ප‍්‍රතිඵල

  • අදි බෙන්ස් කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 44-39 ක් ලෙස ලෙස නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.
  • මොරටුව කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 60-49 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.
  • වත්තල කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 43-37 ක් ලෙස රාජකීය කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.
  • ගුවන් හමුදා කණ්ඩායම විසින් ලකුණු 66-22 ක් ලෙස ආදි තෝමියන්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.


- 036


අදහස් (0)

අදි බෙන්ස් - වත්තල මොරටුව - ගුවන් හමුදාව පහසු ජයග‍්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.