Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතරමැදි බර ඉසිලීමේ තරග 11 දා යාපනයේදී

අතරමැදි බර ඉසිලීමේ තරග 11 දා යාපනයේදී

ශනුක අරවින්ද - 2016 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කරන අතරමැදි බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැදවයි. තරගාවලිය ජුනි මස 11 වැනිදා යාපනය ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙන්ම පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගිවිය නොහැකි බව සංවිධායකවරු පවසති.

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් අරුණ තමෙල් මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ බර ඉසිලීමේ දෙවැනි පෙළේ කණ්ඩායමකට ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් වසරක් පාසා සෑදෙන්නේ මෙම අතරමැදි තරගාවලියෙන් බවයි.

මෙවර තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසක් අපේ්ක්ෂා කරන බවද තමෙල් මහතා වැඩිදුරටත් පැවසීය.

පිරිමි තරග කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි යන බර පංති අටකින් පැවැත්වෙන අතර කාන්තා තරග කිලෝග‍්‍රෑම් 48, 58, 63, 69, 85, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි යන බර පංති හතකින් පැවැත්වේ.

අයැදුම්පත් ජුනි මස 1 වැනිදාට පෙර ලේකම්, ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය, නො: 110/බී, නාවල පරණ පාර, රාජගිරිය යන ලිපිනයට යොමු කළ යුතුය.

 


අදහස් (0)

අතරමැදි බර ඉසිලීමේ තරග 11 දා යාපනයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.