මෙම වසරට නියමිත ආසියානු වොලිබෝල් (කාන්තා) ශූරතාවලිය (තායිලන්තය) හා ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් (කාන්තා) ශූරතාවලිය (නේපාලය) ඉලක්ක කරමින් කැඳවනු ලබන ජාතික කාන්තා වොලිබෝල් සංචිතයේ මූලික තේරීම් පරීක්ෂණ ලබන පෙබරවාරි 11-12 යන දිනවල පෙරවරු 8.30 සිට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගිවීමට අපේක්ෂා කරන ක්‍රීඩිකාවන් පෙබරවාරි 11 වැනිදා පෙරවරු 8.00 ට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා දැනුම් දෙයි.
දුරකතන අංක 0112-669344 ඔස්සේ ඒ සම්බන්ධ වැඩිදුර විමසීම් කළ හැකිය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.