Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අරමුණුවලට පටහැනිව කටයුතු කිරීමේ චෝදනාව මත ගම්පහ කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඩ්ස් පාපැදි ක්‍රීඩා සමාජය තාවකාලිකව තහනම් කිරීමේ නිවේදනයක් එහි ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා නිකුත් කර තිබේ.
සම්මේලනයේ කවුන්සිල රැස්වීමේදී සාකච්ඡා කළ පරිදි ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය නමින් ව්‍යාජ සංවිධානයක් ගොඩනැගීම, එහි සභාපති ධුරය දැරීම, නිසි අනුමැතියකින් තොරව ගම්පහ දිස්ත්‍රික් පාපැදි තරගාවලිය නමින් තරගාවලියක් සංවිධානය කිරීම, ඒ සඳහා ව්‍යාජ ලිපිලේඛන සකස් කර ඉදිරිපත් කිරීම, පාපැදි සම්මේලනයේ නිල ලාංඡන අනුමැතියකින් තොරව පාවිච්චි කිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ ලේකම් සුමිත් බාලසූරිය මහතාට ලිපියක් යොමු කරන නලින් අධිකාරිආරච්චි මහතා ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතු ඇෙතාත් දැනුම් දීමෙන් සතියක් ඇතුළත කරුණු දක්වන ලෙස එමගින් දන්වා තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් පාපැදි සම්මේලනයේ සභාපතිවරයාට ලිපියක් යොමුකරන සුමිත් බාලසූරිය මහතා එහි කිසිදු චෝදනාවක් ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජයට අදාළ නොවන බවත් එමගින් ක්‍රීඩා සමාජයට හා එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලවත් අසාධාරණයක් සිදු කර ඇතැයි ද පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.