Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසරේ (2024) ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ 12 වැනි අදියර වන බි්‍රතාන්‍ය ගොන් ප්‍රී තරගය ජයගැනීමට මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන ලුවිස් හැමිල්ටන් සමත් විය. බි්‍රතාන්‍ය ජාතික හැමිල්ටන් මෙවර තරගවාරයේදී මේ දක්වා ජයගත් එකම ගෝන් ප්‍රී තරගය මෙය වන අතර කිලෝ මීටර් 5.89 ක දුරකින් යුත් වට 52 කින් සමන්විත මෙම තරගය ජයගැනීම සඳහා ඔහුට වැය වූ කාලය පැය 1 යි, විනාඩි 22 යි, තත්පර 27.059 කි.
හැමිල්ටන්ට වඩා තත්පර 1.465 ක් පසුපසින් තරගය නිමා කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර එහි තෙවැනි ස්ථානය හැමිල්ටන්ට වඩා තත්පර 7.547 ක් පසුපසින් තරගය නිමා කළ මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස්ට හිමිවිය.
පළමු ස්ථානය දිනාගැනීම වෙනුවෙන් හැමිල්ටන්ට ලකුණු 25 ක්ද, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීම වෙනුවෙන් වර්ස්ටපන්ට සහ නොරිස්ට පිළිවෙලින් ලකුණු 18 ක් සහ 15 බැගින්ද හිමිවිය. මෙම තරගය ජයගත්තද මෙවර තරගවාරයේ මෙතෙක් පැවැති තරග 12 හිදී ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව අතින් ගත් කළ හැමිල්ටන්ට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.
එහි පෙරමුණ හිමිකර ගැනීමට තරග 12 න් 7 ක්ම ජයගෙන සිටින වර්ස්ටපන් සමත්ව සිටියි. එහිදී ඔහු ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 255 කි. පළමු ස්ථානයක් සහ දෙවැනි ස්ථාන 4 ක් දිනා ලකුණු 171 ක් ලබා සිටින නොරිස්ට සමස්ත ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව තිබේ. ලකුණු 150 ක් ලබා සිටින ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
සමස්ත කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 373 ක් ලබා පෙරමුණ ගෙන සිටින අතර ෆෙරාරි කණ්ඩායම ලකුණු 302 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, මැක්ලරන් මර්සිඩීස් කණ්ඩායම ලකුණු 295 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. මෙවර තරග වාරය නිමා වීමට තවත් ගෝන් ප්‍රී තරග 12 ක් ඉතිරිව තිබේ.
මෙම මස 21 වැනිදා හංගේරියානු ගෝන් ප්‍රී තරගයත්, 28 වැනිදා බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයත් පැවැත්වෙන අතර අගෝස්තු මස 25 වැනිදා නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගයත්, සැප්තැම්බර් 1 වැනිදා ඉතාලි ගෝන් ප්‍රී තරගයත් පැවැත්වීමට නියමිතය. අසර්බයිජාන් ගෝන් ප්‍රී තරගය සහ සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 15 සහ 22 යන දිනවලදීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.