(මතුගම බන්දු තඹවිට)
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර පස්වැනි වරට පැවති රයිගම් - පස්දුන් ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් විය.
ගෙවීගිය සති අන්තයේදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, පළමු දිනයේ පැවති අධික වර්ෂාවත් හේතුවෙන් හොරණ ශ්‍රී පාලි විදුහල් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට තීරණය කෙරිණ.
කාසියේ වාසිය දිනු මතුගම කන්නන්ගර විදුහල් කණ්ඩායමේ නායක විහඟ සත්සර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට හොරණ ශ්‍රීපාලි කණ්ඩායමට ආරාධනා කළේය.
තරඟයේ වීරයා ලෙස ශ්‍රීපාලි විද්‍යාලයේ උපේක අමාන්ත සම්මාන දිනාගත්තේය. දක්ෂතම පිතිකරු ලෙස ශ්‍රීපාලි විද්‍යාලයේ දමිඳු ආදිත්‍ය ද , දක්ෂතම පන්දු යවන්නා ලෙස කන්නන්ගර විද්‍යාලයේ විහඟ සත්සර ද, දක්ෂතම පන්දු රකින්නා ලෙස කන්නන්ගර විද්‍යාලයේ පසිඳු මධුසංක ද සම්මාන හිමිකර ගත්හ.
හොරණ ශ්‍රීපාලි විදුහල - පළමු ඉනිම ඕවර 85.1 කදී කඩුලු 9 කට ලකුණු 181යි.
(උපේක අමාන්ත 43, දමිඳු ආදිත්‍ය 36, විහඟ සත්සර 31/3, නන්සික දෙව්මිත් 21/2, දිනිල් සමුදිත 33/2)
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 8 කදී කිසිවකු නොදැවී ලකුණු 43 යි.
(තනුෂ ෂෙහාන් නොදැවී 23, චනුල් තියුගි නොදැවී 18)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.