Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඩුබායි නුවරදී සිකුරාදා (9) පැවත්වෙන ඩුබායි ගෝන් - ෆ්‍රී මලල ක්‍රීඩා (2025) තරගාවලියට ශ්‍රී ලංකාව මීටර 4 × 400 (පිරිමි) කණ්ඩායමක් නිර්දේශ කර තිබේ. එහි විශේෂත්වය ඊට සුපිරි කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ඇතුළත් වීමයි.
මෙම ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම ඩුබායි තරගාවලියට සහභාගිවීම සදහා ඊයේ (7) රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියේය.
ඉතාලියේ සිට පැමිණෙමින් ඩුබායි නුවරදී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට එක් වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකදී සහාය දිවීමේ ඉසව්වකට සහභාගි වන්නේ 2019 න් පසුවය. එම වසරේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී මීටර 4 × 400 (පිරිමි) ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවමින් (තත්පර 39.14) රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට යුපුන් ඇතුළත් විය. හිමාෂ ඒෂාන්, චානුක සංදීප හා විනෝජ් සුරංජය ද සිල්වා එහි සෙසු ක්‍රීඩකයෝ වූහ.
ඩුබායි ග්‍රෝන් - ෆ්‍රී තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට යුපුන් අබේකෝන් ඇතුළුව චමෝද් යෝධසිංහ, මෙරොන් විජේසිංහ, දෙනෙත් වීරරත්න හා චමෝද් දිසානායක ඇතුළත් වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.