Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොඩ්ඩන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතරක්

පොඩ්ඩන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතරක්

editorial - 2024 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ඉන්දියාවේ චෙන්නායි නුවරදී  ආරම්භවූ සිවු වැනි දකුණු  ආසියානු  (කනිෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (12) දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී  ලංකාව රන් පදක්කම් හතරක් ඇතුළුව මුළු පදක්කම් 13 ක් දිනා ගෙන තිබුණි.

ඊයේ ශ්‍රී  ලංකාවට එකම රන් පදක්කම දිනා දුන්නේ මීටර්  110 - කඩුලු‍ ක්‍රීඩක සදුන් කෝසල විසිනි.ඒ තත්පර 14.06 කටය. මෙහි ලෝකඩ පදක්කමත් තත්පර 14.27 කට හිමිවූයේ ශ්‍රී  ලංකා ක්‍රීඩක විශ්ව තාරුකටය. ඊයේ ශ්‍රී ලංකාව දිනා ගත් රිදී පදක්කම ඔමෙල් ශෂින්ත විසින් දිනා ගත්තේ මීටර් 400 (පිරිම්) ඉසව්වෙනි.තත්පර 47.17 ක කාලයක් ඊට ඔහු වැය කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක මෙරෝන්  විජේසිංහ පෙරේදා (11) මිටර් 100(පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 10.41කටය.එය  ඉසව්වේ නව තරග වාර්තාවකි. ශ්‍රී  ලංකාවේ එම ඉසව්වේ වයස 20 න් පහළ අලුත්ම වාර්තාව බවටද එහිදී  එය පත් විය. ෂෙහාන් අඹේපිටිය වසර 2008 දී තත්පර 10.43 කට පිහිටුවා තිබූ ශ්‍රී ලංකා   වයස 20 න් පහළ  වාර්තාවද එයින් බිද වැටුණි.

පෙරේදා  දිනයේදී  ශ්‍රී ලංකාව මීටර්  800  කාන්තා හා පිරිමි යන ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීම කැපී පෙණුනි. එහිදී  මීටර් 800 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම නව වාර්තාවක් පිහිටුවමින් දිනා ගත්තේ සවිදු අවිශ්ක විසිනි.ඒ විනාඩි 1 තත්පර 49.82 ක දක්ෂතාවක් දක්වමිණි.

  එම  ඉසව්වේ වයස 20න් පහළ කාණ්ඩයේ නව ශ්‍රී ලංකා වාර්තාව බවටත්  එයත් පත් විය. මෙය වයස 18 න් පහළ වයස් කාණ්ඩයේ ඉසව්වේ ඔහු ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව 18 වැනි ස්ථානයට පත්වීමකි.

මෙහි කාන්තා ඉසව්වේ  රන් පදක්කම ශ්‍රී  ලංකාවට හිමි කර දුන්නේ   තරුෂි අබේෂිකායි.ඒ විනාඩි 2 තත්පර 10.17 කටය.

ශ්‍රී ලංකාව පෙරේදා  දිනයේදී රිදී හා ලෝකඩ පදක්කම් තුනක් බැගින්ද දිනා ගෙන තිබුණි.

ඊයේ (12) දිනයේදීත් ශ්‍රී ලංකාව ඉසව් රැසක මූලික තරග සදහා සභභාගි විය.  තරගාවලිය අද (13) අවසන් වේ. චෙන්නායි නුවර ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 53 දෙනෙක් සහ නිලධාරීන්  හා පුහුණුකරුවන් 12 දෙනකුගේ කණ්ඩායමක් සහභාගිවී සිටිති.

සත්කාරක ඉන්දියාව  වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ඊයේ  දිනය නිමාවේදී පදක්කම් සටහනේ පෙරමුණේ පසු විය.


අදහස් (0)

පොඩ්ඩන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.