Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගාල්ල ග්ලැඩියේටර්ස්ට අයිතිකාරයෝ තිදෙනෙක්

ගාල්ල ග්ලැඩියේටර්ස්ට අයිතිකාරයෝ තිදෙනෙක්

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තුල නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීම සඳහා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් තවත් සම හිමිකරුවෝ දෙදෙවෙන් එක්ව සිටිති. ඒ අනුව පළමු තරගාවලියේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් හිමිකරු ලෙස කටයුතු කළ නදීම් ඕමාර් මහතා සමගින් සම හිමිකරුවන් ලෙස අසීස් අබ්දුල් රහීම් කස්සමාලි සහ මජිඩ් බෂීර් යන මහත්වරුන් කටයුතු කරනු ඇත.

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී යාපනය ස්ටැලියන්ස් පිල හමුවේ ලකුණු 53 ක පරාජයක් හිමිවූ ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට අනුශූරතාවයෙන් සෑහිමට පත්වීමට සිදුවිය. නමුත් මෙවර ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායම සමත් වන බව කණ්ඩායම් සම හිමිකරු නදීම් ඕමාර් මහතා පවසයි.

පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලියට ක්‍රීඩා කරන ක්වේටා ග්ලැඩියේටර්ස් හි හිමිකරු වන්නේද නදීම් ඕමාර්ට මහතාය.

“එළඹෙන එල්.පී.එල් තරගාවලිය අපට ඉතා තීරණාත්මකයි. විශේෂයෙන් පසුගිය තරග වාරයේදී අපි සටන් කළ ආකාරයෙන් පසුව ගාල්ල අවට ප්‍රේක්‍ෂකයින්ගෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. ඒ ආකාරයටම ඔවුන්ගේ සහයෝගය ලබා දෙන ලෙසත් අපට වර්ධනය වීමට උදව් කරන ලෙසත් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ඕමාර් මහතා පැවසීය.

 

-2079


අදහස් (0)

ගාල්ල ග්ලැඩියේටර්ස්ට අයිතිකාරයෝ තිදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.