Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සභාපතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

පාපන්දු සභාපතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

editorial - 2022 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

කොළඹදී අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය පැවැත්වීම පිළිබඳව තමන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ මුහුණුපොත හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇතැයි කියන සිදුවීමක් ගැන ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

ඒ එම වෛරීය අදහස් පළ කළ බව කියන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු ඇතුළුව තවත් හිටපු නිලධාරියකුට එරෙහිවය. එවැනි ප්‍රකාශ දැන් රටේ උද්ගතව පවතින තත්ත්වයන් හමුවේ තමාගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඔවුන් දෙදෙනාට එරෙහිව මෙසේ ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.


අදහස් (0)

පාපන්දු සභාපතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.