Last Update  :  2024-05-01 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ‘බී’ කාණ්ඩයේ තීර්ණාත්මක තරගය හෙට
ආසියානු කුසලාන 2023

‘බී’ කාණ්ඩයේ තීර්ණාත්මක තරගය හෙට

editorial - 2023 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය කෙරෙන තීර්ණාත්මක තරගය හෙට (5 වැනිදා) ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

මේ දක්වා ‘බී’ කාණ්ඩය යටතේ තරග දෙකක් පැවැති අතර එහිදී එක් ජයග්‍රහණය බැගින් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමත් විය. ඒ අනුව හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.

එහෙත් එහිදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් වුවහොත්, කණ්ඩායම් 3 ම එක් තරගය බැගින් ජයගන්නා බැවින් ඉහළම ශුද්ධ ලකුණු වේගයන්ට හිමිකම් කියන කණ්ඩායම් දෙක ‘බී’ කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද, ශුද්ද ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවට සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාවක් පවතී. තරගාවලියේ තරග කොන්දේසි වලට අනුව ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙන්නේ නම් ඒ අනිවාර්යෙන්ම ‘බී’ කණ්ඩයේ පළමු වැනියා ලෙසිනි.

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසක් නොමැතිව හෙට තරගයටද ක්‍රීඩා කිරීමට නියමිත අතර ඇෆ්ඝනිස්ථාන කණ්ඩයමේ පන්දු යවන්නන්ගේ යම් වෙනස්කමක් හෝ දෙකක් බලාපොරොත්තු විය හැකිය.

මේ වන විට ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා ඇත්තේ ඉතා අඩු අවස්ථාවකි. ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 300 කට වැඩියෙන් ලබාගතහොත්, ඇෆ්ඝනිස්ථානයට එය ඕවර 19 කදී හඹායෑමට සිදුවනු ඇත.

යම් හෙයකින් ඇෆ්ඝනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 300 කට වැඩියෙන් රැස්කළහොත්, ඔවුන් අවම වශයෙන් ලකුණු 127 කට වැඩි පරතරයකින් ශ්‍රී ලංකාව පරාජය කළ යුතුය. එවිට ඇෆ්ඝනිස්තානයට බංග්ලාදේශයේ ශුද්ධ ලකුණු වේගයට පසුකර යෑමට අවස්ථාව උදාවනු ඇත.

අවසන් වරට ඇෆ්ඝනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී 2-1 කින් ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එහි පළමු තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, දෙවැනි සහ තෙවැනි තරග ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය තමන් සතුකර ගත්හ. 


අදහස් (0)

‘බී’ කාණ්ඩයේ තීර්ණාත්මක තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.