Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්ත පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා ලබන මාසයේදී සිය තනතුරෙන් ඉවත් වන බව ක්‍රිකට් ප්‍රධානීන් අද (17 වැනිදා) නිවේදනය කළේය.
පාකිස්තානයට එරෙහිව අයර්ලන්තයේ පළමු ටෙස්ට් තරගයට එක්වූ හිටපු දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා පුහුණුකරු මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති විස්සයි20 ලෝක කුසලානයට තම කණ්ඩායම රැගෙන ගියේය.
මේ වනවිට 61 හැවිරිදි වියෙහි පසුවන ෆෝඞ් සිය පුහුණුවීම් කටයුතු වහාම නවත්වන නමුත් ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට දැනුම්දීමේ කාලය සම්පූර්ණ කරන බවත්, ඒ සඳහා ඔහුට දෙසැම්බර් මැද දක්වා ගතවන බවත් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
”අනෙකුත් පූර්ණ සාමාජික රටවල් හා සසඳන විට අයර්ලන්තය බොහෝ දුෂ්කර සහ අභියෝගවලට මුහුණ දී තියෙනවා” යැයි ෆෝඞ් මහතා පැවසීය.
“මෙසේ තිබියදීත්, කණ්ඩායම අවස්ථා කිහිපයකදීම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් කිහිපයක් සමඟ ආකර්ෂණීය ලෙස තරඟ කර ඇති අතර අයර්ලන්ත ක්‍රීඩකයින්ගේ එකමුතුකම පළමු වරට අත්විඳීමට ලැබීම මට භාග්‍යයක් විය.
විශේෂයෙන්ම කොරෝනා වෛරස් අර්බුදයේදී ෆෝඞ් මුහුණ දුන් පීඩනය අයර්ලන්තයේ ඉහළ කාර්ය සාධන අධ්‍යක්ෂක රිචඞ් හෝල්ඞ්ස්වර්ත් මහතා පිළිගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.