Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හෙදර් නයිට් සන්තාපයෙන්

හෙදර් නයිට් සන්තාපයෙන්

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන (කාන්තා) තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින එංගලන්ත කාන්තා කණ්ඩායමේ සහාය කාර්යමණ්ඩලයේ අයකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් තමන් මහත් සන්තාපයෙන් සිටින බව එංගලන්ත නායිකා හෙදර් නයිට් කියයි. ටෙස්ට් තරග පමණක් නොව, එක්දින සහ විස්සයි-20 තරග කිහිපයකින්ම සමන්විත කාන්තාවන්ගේ අළු බඳුන තරගාවලිය මේ මස 20 වැනිදා ඇඩිලේඩ් නුවරදී ආරම්භ වීමට නියමිතය. 

එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ලබන 20 වැනිදා ඇඩිලේඩ් නුවරදී ආරම්භ වෙයි. එකම ටෙස්ට් තරගය මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කැන්බරා නුවරදී පැවැත්වෙන අතර එක්දින තරගාවලිය පෙබරවාරි මස 3 වැනිදා සිට පැවැත්වේ. 

කොරෝනා වයිරසය ආසාදිත වූ කණ්ඩායම් සාමාජිකාව කැන්බරා නුවර හුදෙකළා කරවා සෙසු සාමාජිකාවෝ ඇඩිලේඩ් නුවර බලා පිටත්ව යති. කෙසේ වෙතත් ඊට පෙර තවත් පරීක්‍ෂණ වටයක් කිරීමට නියමිතය. 

“අපි මේකට සූදානම් වෙලයි හිටියේ. අපිට මේ වයිරසයෙන් බලපෑමක් නෑ කියලා හිතන එක නම් නුවණට හුරු දෙයක් නෙමේ. ඒත් මේ හින්දා කණ්ඩායම ඉන්නේ සන්තාපයෙන්” යයි හෙදර් නයිට් කීවාය. 

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පැමිණීමට පෙර කණ්ඩායමක් ලෙසින් පුහුණුවීම් කිරීමට හෙදර් නයිට්ගේ ක්‍රීඩිකාවන්ට අවසර නොලැබිණ. එංගලන්තයේ පැවැති තත්ත්වය හේතුවෙන් එංගලන්ත ක්‍රීඩිකාවෝ සති දෙකක් පුරා තනි තනිව පුහුණුවීම් කළහ. 

- 213

 


අදහස් (0)

හෙදර් නයිට් සන්තාපයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.