
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර හයිද්‍රාබාද් නුවර රාජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ, ඕවර 18.1 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඒඞ්න් මාක්‍රම් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවීස් හෙඞ් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද, අභිෂේක් ශර්මා පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබාගත් අතර චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශිවම් ඩූබේ පන්දු 24 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. අජින්ක්‍යා රහනේ පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 165
(රුතුරාජ් ගයික්වාඞ් 26, අජින්ක්‍යා රහනේ 35, ශිවම් ඩූබේ 45, රවින්ද්‍ර ජදේජා නොදැවී 31)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.1 කදී කඩුලු 4 කට 166
(ට්‍රැවීස් හෙඞ් 31, අභිෂේක් ශර්මා 37, ඒඞ්න් මාක්‍රම් 50, ශාබාස් අහමඞ් 18, මුයින් අලී 23/2)
-036



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.